Skip to main content

Sripadaya Off-Season | දැරණියගල උඩ මාළිබොඩ හරහා සිරිපා

කව්රු මොනවා කොහොම කිව්වත් පරිසරයේ ඇත්තම සුන්දරත්වය බලන්න නම් සිරිපාදේ යන්න ඕන අවාරේ. හැබැයි සුන්දරත්වය නැති කරන්න නම් නෙවෙයි.!

වෙනද සෙට් එකේ එකෙක් දෙන්නෙක් අඩු උනාට අදත් කණ්ඩායම දහයක්. කොටා, පබා, පෝෂි, ශා, බාවා, පුටේ, ගොකා, කලූ, බෙරී, මං. ගමන පටන් ගත්තේ බස් එකේ, කොළඹින් පාන්දර 1.00ට. දෙහිඕවිටට එද්දි පාන්දර 3.00 විතර ඇති. එතන ඉදල බොලරෝ එකක් සෙට් කරන් දැරණියගල හරහා උඩ මාලිබොඩ දික්ඇල්ල කන්ද ගමට ආවේ. කොහොමහරි උදේ 7 වෙද්දී අපි ධර්මේ මාමගේ (රක්ෂිතයට ඇතුලුවෙන තැන ගෙදර මාම) වතාවත් ටික කරල ඉවර වෙලා,  කැලයට ඇතුළු උනා. මෙච්චර ලස්සන පරිසරයකට ඇතුළු උන පලවෙනි අවස්ථාව තමයි මේක. තවමත් වැඩියේ මිනිස්සුන්ගෙන් කිලිටි නොවුණු නිසාවෙන්.! කියන්නම ඕන එකක් තමයි ඇතුලෙදි අපට හමු වෙන පට්ටම යාළුවො ටිකක් ගැන. එක කකුලක් උස්සල අනිත් එක ගන්න වෙන්නේ නෑ ඒ තරම් කුඩැල්ලෝ. යනවනම් අනිවාරෙන්ම කුඩැල්ලන්ගෙන් බේරෙන්න මොනවහරි අරන් යන්න.(කුඩැල්ලන්ට මේස් ආවරණ තියෙනවා ඕනනම් සෙට් කරලා දෙන්න පුළුවන් අපට).

එහෙම දිගටම ගිහින් අපට හමු උනා කුරු ගඟ. සීත ගඟුල කියන්නෙත් එකමයි. හයියෙන් වැස්සක් වැස්සම මෙතනින් එහාට යන්න වෙන්නේ නෑ. වෙලාවට අපිට එහෙම බාදාවක් නම් උනේ නෑ. මහන්සියක් නම් දැනෙන්නේ නෑ කැලේ ඇතුලේ තියෙන ලස්සන නිසා. අපි දවල් කෑම ගඟ අයිනේ ඉදන් කාල ආපහු යන්න පටන් ගත්තේ කොහොමහරි එරත්න පාරට සෙට් වෙන්න ඕන නිසා. ඒ වෙනකොට වෙලාව හවස 3.30 වගේ වෙලා. කොහොමහරි හවස 7 වගේ වෙද්දී අපි එරත්න කුරුවිට පාරෙ. ඔහොම යද්දී එන්න එන්නම රෑ බෝවෙගෙන ඇවිල්ල, යන්න අමාරුයි දැන් කට්ටියටම. නැවතුනා ගල්වංගෙඩිය ලග තියෙන අතැරලා දාපු කඩයක් සුද්ද පවිත්‍ර කරගෙන. එහෙම්ම උයාගෙන කාල  ඒකෙ රෑ ගත කරලා උදේ ආපහු ගමන යන්න පටන් ගනිද්දී 10.30 වගේ වෙලා. දැන් අපි යන්නේ දෙපැත්තේම පඩිපෙළෙන් ඇතුලටත් කැලේ වැවිල, මීදුමෙන් වැහිලා ගිය රත්නපුර පලාබද්දර පාරේ. වැස්සත් එක ගානටම වහිනවා, හයියෙනුත් නෙවේ හෙමිනුත් නෙවේ.. යද්දී වැසි කබා අරන් යන්නත් අමතක කරන්න එපා.

උඩමලුවට ළඟාවෙද්දි වෙලාව දහවල් 1 පහුවෙලා.  හිටි ගමන් කව්රුත්ම පෙන්නේ නැති වෙන්න මීදුම. කියන්න වචන නම් නෑ ලස්සන. ඊටපස්සේ අපි සිරිපා වන්දනා කරලා, අරන් ගිය පොඩි පොඩි කෑම ටිකකුත් බඩට දාගෙන ආපහු එන්න පටන් ගත්තේ නල්ලතන්නියට එන පාරෙන්. එද්දිත් දිගටම හෙමි හෙමීට වැස්ස. කොහොම කොහොමහරි නල්ලතන්නියට එද්දී 6 පහුවෙලා, යන්න බස් එකක් මිස් වෙලා. එතනින් කුලියට වාහනයක් සෙට් කරගෙන හැටන් වලට ආපු අපි අපේ අවාරේ සිරිපා වන්දනාව අවසන් කරලා නැවතත් කොළඹට ආව.

ම්ම්ම්.. ගමන නම් ඇත්තටම ලස්සනයි වගේම බයානකයි! යන අය හැම දේටම සුදානම් වෙලා තමයි යන්න ඕන. වැස්සෙන්, විශේෂයෙන් කුඩැල්ලන්ගෙන් ආරක්ෂා වෙන්න ඕන. කන්න ගානට අරන් යන්න ඕන. කැලේ ඇතුලෙදි මොනවා හරි උනොත් කියන්න කව්රුත් නෑ. තව එකක් අපි යද්දී අපට අලි-බෙටි හමු උනා. තව ගොඩක් අය දන්නව දිවියන් ඉන්න බව. අපි යන්නේ සමනල අඩවියට කියල අමතක කරන්න එපා. ඒ දේවල් ඒ විදියට කරලා යන්න. කොහොම උනත් අපි වාරෙට යනවා වගේ නෙවේ කියලත් කියන්න ඕන, සිරිපා බිස්නස් නෑ. එකයි මන් ආසම දේ. 💓
තව, මේ වගේ ගමනක් ඇත්තටම යන්නේ මන් දන්න විදියටනම් පරිසරයට ආදරේ කරන අය විතරයි. ඒකනිසා පරිසරයට නම් කිසිම විදියක හානියක් කරන්න එපා. කුණු එකතු කරන බෑග් ගෙනියන්න. යද්දී එද්දී ඔක්කොම එකතු කරන්න. පහලට බහින ටිකේ නම් ගොඩක් අය දාපු ඒවා තියෙනවා, ඒවත් දාගෙනම බහින්න. මේ තරම් ලස්සන රට විනාශ නොකර ඉදිරි පරපුරටත් රකින්න උදව් වෙන්න!

දිනය : 2019/08/17,18
(දැරණියගල, උඩ මාළිබොඩ, දික්-ඇල්ල කන්ද, කුරු ගඟ, ගෙත්තම්පාන, ගල්වංගෙඩිය, මෑල්ල මලකදුර, උඩමළුව, ශ්‍රී පාදය, නල්ලතන්නිය)


-ජූලා
2019/08/17


























Comments

Post a Comment

Popular posts from this blog

Riverston | රිවස්ටන්

රිවස්ටන් කියන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ දුම්බර වන රක්ෂිතයට මායිම්ව ඇති සුන්දරතම ස්ථානයක්. රිවස්ටන් කඳු මුදුනේ සන්නිවේදන කුළුණක් ඇති අතර එයට පිවිසෙන මාර්ගයේ පා ගමනින් යාමට අවසර ලබාදී තිබෙනවා. උඩටගියාම දකින්න ලැබෙන දර්ශනය නම් අමතක නොවෙන එකක් කියන්න පුළුවන්. වටෙන් ම නකල්ස් කඳු වැටියෙන් ද ඈත පෙන පතන සහ ඈත ගම්මාන වලද දර්ශනය හැමදාම දකින්න පුළුවන් කමක්නම් නෑ. මොකද ගොඩක් වෙලාවට කන්ද වටේට මීදුමෙන් වැහිලයි තියෙන්නේ. මෙම ගමනේදී දුම්බර මිටියාවතම දැකගත හැකි මනස්කාන්ත නැරබුම් ස්ථානයක් අපට හමුවන අතර එය වේගයෙන් සුලන් හමන සුලන් කපොල්ලක් වැනි ස්ථානයක්. දුම්බර වන රක්ෂිතයේ සුන්දරත්වය පහසුවෙන්ම නැරඹීමට හැකි ස්ථානයක් ලෙස රිවස්ටන් නම් කරන්න පුළුවන්. ඊට අමතරව මෙම මනස්කාන්ත ප්‍රදේශයේ සැඟවුණු සුන්දර දිය ඇලි කිහිපයක්ම පිහිටා තිබෙනවා. ඒ  දෙකක් තමයි සේර ඇල්ල, බබරකිරි ඇල්ල. තව පුංචි ලෝකාන්තයකුත් තියෙනව. පිටවල පතනත් අහුවෙනව මේ ගමනේදී. පිටවල පතන පිහිටලා තියෙනේ රත්තොට පැත්තේ ඉදන් ආවොත් නම් රිවස්ටන් පසු කරලා ඉදිරියට යන්න ඕනේ. හෙට්ටිපොල පල්ලේගම පැත්තෙන් ආවොත්නම් පිටවල පතනට රිවස්ටන් වලට කලින්ලගා වෙන්න පුළුවන්. තව මේ ...

Ranawana Purana Wiharaya | රණවන පුරාණ විහාරය

ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලාව ප්‍රදේශයේ පිහිටා ඇති පුරාණ බෞද්ධ විහාරයක් සේ සැළකේ. එය මහනුවර-කොළඹ මාර්ගයේ පිළිමතලාව නානුඔය පාලම අසල සිට ඇතුල් දෙසට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ උසම සක්මන් බුද්ධ ප්‍රථිමාව මෙම විහාරස්ථානයේදී දැකගත හැකිවේ.රණවන විහාරයේ ඉතිහාසය ගම්පොල යුගයේ සිව්වන බුවනෙකබාහු රජ සමය දක්වා දිවයන බැව් විශ්වාස කෙරේ. 1982 වර්ෂයේ විහාරයේ දාගැබෙහි සිදුකරන ලද ප්‍රතිසංස්කරණ කටයුතු වලදී ලෝහමය කරඩුවක් සොයා ගෙන තිබේ. මීට අමතරව ඉතාම අලංකාරවත් කඳුතරණයක් අත්විදීමට මෙම පුරාණ විහාරය වන්දනාමාන කරන ඔබට හැකියාව ලැබේ.විශාල වැල් ගොමු අතරින් බුදු සිරිතේ එන ජාතක කතා මූර්තිමය ස්වරූපයෙන් නිර්මාණය කර තවත් අලංකාරයක් එකතු කොට තිබේ.පරිසරය සුරකිමින් නිදහසේ පුදබිම තුල හුස්ම ගමින් සාමකාමී පරිසරයකට යොමුවී භාවනා කටයුතු කිරීමට සුදුසු පරිසරයක් මෙහි පවතිනවා.අපේ රටේ සොබාදහම සුරැකිව ගොඩනැගෙන නිර්මාණයන් බොහොම අල්පයි.මෙයත් එවැනි පුදබිමක්.නොවරදවාම වරක් ඇවිත් යන්න.  "අපි , අපගේ උරුමයන් රැකගත යුතුය"  රචනය : උදාර ජයසංඛ ©️ Like Us On Facebook : https://www.facebook.com/Se...

Trip to Ella, Badulla | ඇල්ල බදුල්ල සවාරිය

ඇල්ල කියන්නෙ ශ්‍රී ලංකාවේ ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කය තුල පිහිටි අලංකාර කුඩා නගරයක්. ආසන්න වශයෙන් කොළඹ සිට කිලෝමීටර 200ක් පමණ නැගෙනහිරින් පිහිටා ඇති අතර මුහුදු මට්ටමේ සිට මීටර 1041ක් පමණ වේ. 'ඇල්ල' කිව්වාම ලංකාවෙ අපිටත් වඩා හොඳට දන්නෙ විදේශිකයො තමයි. ඒ තරම් විදේශිකයෝ සංඛ්‍යාවක් දවසකට මේ ස්ථාන බලන්න එනව. ඇල්ලේ යද්දී කෝච්චියේ යනවනම් මාරම ලස්සන විව්  එකක් බලාගන්න පුළුවන්. ඒ වගේම ඇල්ල අවට බලන්නත් ලස්සන තැන් ගොඩක්ම තියෙනව. අපි නම් ඉස්සෙල්ලම ගියේ හපුතලේ. ඊටපස්සේ ලිප්ටන් ශීට් ගිහින්, ඇඩිශම් බංගලාව. ඊලග දවසෙ ගියේ පුංචි සිරිපාදෙයි, ඇල්ල රොක් එකයි. ඊටපස්සේ දවසෙ ඇල්ලේ ඉදන් දෙමෝදරට රේල් හයික්  එකක් යනගමන් ආරුක්කු නවයේ පාලමත් බලල ආවෙ. දෙමෝදර railway loop එක ගොඩක් අය මිස් කරන තැනක්. ඒ, එකම කන්දේ දුම්රිය රවුමක් ගිහින් එන ලංකාවේ එකම ස්ථානය. ම්ම්.. තව බලන්න නම් තැන් තියෙනව. දෝව පන්සල, රාවණා ඇල්ල, බෝගොඩ පාලම, රාවණා ගුහාව වගේ ගොඩක් තැන් තියෙනව බලන්න නම්. ලිප්ටන් ශීට්: ලංකාවේ පළාත් පහක් එකම තැනක ඉදන් බලන්නට පුඵවන් එකම ස්ථානය බදුල්ල දිස්ත්‍රික්කයේ විතරක් නොවෙයි ලෝකයේ  සුන්දරම තැන් වලි...