Skip to main content

Ambuluwawa | අම්බුලුවාව

ගම්පොල නගරයේ සිට හෙම්මාතගම මාර්ගය දිගේ කිලෝමීටර 5ක් පමණ යද්දී අම්බුලුවාව කඳු මුදුනට ප්‍රවේශ මාර්ගයට යන්න පුළුවන්. අක්කර 927ක පමණ භූමි භාගයක විසිර පවතින මේ කඳු ගැටය අනෙකුත් කඳුවැටි වලින් වෙන්ව හුදකලාව පවතිනවා. මුහුදු මට්ටමින් අඩි 3567ක් උස කඳු ගැටය මත පිහිටි චෛතයය නිසාවෙන් මෙය අපූර්ව ස්ථානයක් බවට පත්වී තිබෙනවා.

ගම්පොල නගරයේ සිට බලන්නෙකුට පහසුවෙන් මේ චෛත්‍යය දැක ගන්න පුළුවන්. කන්ද පාමුල ඉඳන්ම පයින් යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වාගේම චෛත්‍ය පාමුල දක්වාම වාහනයක යන්නත් පුළුවන්. බොහෝමයක් දෙනා අපූර්ව අත්දැකීමක් විඳගැනීම උදෙසා මේ මුලු දුරම පයින් තරණය කරනවා. වටපිටින් හමන සිහිල් සුලඟ නිසාවෙනුත් ගහ කොලින් වැසුනු මාර්ගයේ සෙවන නිසාවෙනුත් කන්ද තරණය කරන්නා වූ අයට වැඩි මහන්සියක් දැනෙන්නේ නැහැ. නන් දෙසින් පැමිණෙන විවිධ ආගම් අදහන අය වෙනුවෙන් කතෝලික දේවස්ථානයක්, හින්දු කෝවිලක්, මුස්ලිම් පල්ලියක් සහ බෞද්ධ පන්සලක් මෙම කඳු මුදුනේ නිර්මාණය කරමින් සර්වාගමික තැනක් බවට පත් කරල තියෙනවා.

කෘෂි කර්මාන්තය සනිටුහන් කිරීම සඳහා සැදුනු මෙම සෑය ගොවිජන සෑය නමින් හැඳින්වෙනවා. මාවත අවසානයේ ඇති බුදු පිළිමයත් එතැන සිට ඇති කුටි වල දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිළිම නිර්මාණය වෙලා තියෙනවා. කඳුමුදුනේ තැනි තලා බිමක් සකසා එහි තැනුනු විහාර ගෙය තුල තැනුන ශෛලමය බුදු පිළිමය මෙකල ගල් වඩුවාගේ දක්‍ෂතාවය මැනෙවින් පෙන්වයි. අනුරපුරයේ ශ්‍රී මහාබෝධීන් වහන්සේගේ නැගෙනහිර ශාඛාවෙන් හටගත් බෝධීන් වහන්සේ නමක් ද කඳු මුදුනේ වැඩම කර සිටී. මේ සියල්ල පරයමින් අඩි 400ක් පමණ උස ගොවිජන සෑය සුවිශේෂී එකක් වෙනවා. අපූර්ව ත්‍රාස්‍යජනක ගමනක් අත් විඳින්නට නම් ඔබ අනිවාර්ය ලෙසම සෑය මුදුනට යා යුතුය. සෑයේ සුවිශේෂත්වය වන්නේ එහි මුදුනට යා හැකි පරිදි සැකසුන පඩි පෙලයි. එය කොටසක් චෛත්‍යය තුලින්ද ඉතිරිය පිටතින්ද යා යුතුය. උපරිම වින්දනය ලැබීමට නම් චෛත්‍යයේ පිටතින් සම්පූර්ණ ගමනම යා යුතුවේ. කෙමෙන් සිහින් වල පඩි පෙල අවසන් වෙන්නේ චෛත්‍ය බිත්තිය හා අත් වැට අතර හිඩස වසා දැමීමෙනි. අවසන් අඩි කීපය නැගීමේදී තැනින් තැන ඇති කුටි තුලට වී ඉහල සිට පැමිණෙන්නන් හා පහල සිට එන්නන්ට මාරු විය හැකිය. පඩි පෙලත් හමන සුලඟත් නිසාවෙන් මෙය බොහෝම පරිස්සමින් ගමන් කල යුතුය. මෙහි සිට කිසිඳු කන්දකින් බාධාවක් නැතිව අංශක 360ම දැකිය හැකිය. අහස පැහැදිලි දිනයකදී නම් පියවි ඇසින් මහ සයුර පවා දර්ශනය වේ. ඈතින් පූජනීය සමනළ කන්ද, නමුණුකුල, නකල්ස් කඳුවැටි, හන්තාන, බතලේගල, පිදුරුතලාගල, අලගල්ල, මොණරාගල, රාක්‍ෂාව, සප්ත කන්‍යා, හුන්නස්ගිරිය, බහිරව කන්ද, උතුවන්කන්ද, බලපොකුණ, කළුගල, මුල්ඔය, අහුපිනිඇල්ල, ලෙවලන්, ඩෙල්ටා, පීකොක් හිල්, ප්‍රෝටෝප් වැනි සුවිශේෂී කඳු මෙන් ම මෙහි සඳහන් නොකළ කඳු පද්ධති රැසක් ද මනාව නිරීක්ෂණය කිරීමේ හැකියාව මෙහිදී ලැබේ. ආවේණික සත්ව විශේෂ මෙන්ම බොහෝම පොහොසත් ජෛව විවිධත්වයක් මෙහි පවතී. 1997 වසරේ සංවර්ධන කටයුතු ආරම්භ කළ මෙම ඓතිහාසික කන්ද 2002 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලොව හොඳම සංවර්ධනය කරන ලද කන්ද ලෙස තෝරා ගත් අතර 2007 වසරේ සැප්තැම්බර් 18 වැනිදා මහජනතාවට විවෘත කෙරිණි. ගම්පොල නගරයත්, නුවර නගරයත් ඒ මැදින් ගලා යන මහවැලි ගඟත් අපූර්ව දර්ශයක් මවයි.

රචනය : උදාර ජයසංඛ ©️

Like Us On Facebook : https://www.facebook.com/SerendibSri/
Subscribe Us On Youtube : https://www.youtube.com/channel/UCRA2yAfcoO7_8ySX-d_jaNg/










Comments

Post a Comment

Popular posts from this blog

Riverston | රිවස්ටන්

රිවස්ටන් කියන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ දුම්බර වන රක්ෂිතයට මායිම්ව ඇති සුන්දරතම ස්ථානයක්. රිවස්ටන් කඳු මුදුනේ සන්නිවේදන කුළුණක් ඇති අතර එයට පිවිසෙන මාර්ගයේ පා ගමනින් යාමට අවසර ලබාදී තිබෙනවා. උඩටගියාම දකින්න ලැබෙන දර්ශනය නම් අමතක නොවෙන එකක් කියන්න පුළුවන්. වටෙන් ම නකල්ස් කඳු වැටියෙන් ද ඈත පෙන පතන සහ ඈත ගම්මාන වලද දර්ශනය හැමදාම දකින්න පුළුවන් කමක්නම් නෑ. මොකද ගොඩක් වෙලාවට කන්ද වටේට මීදුමෙන් වැහිලයි තියෙන්නේ. මෙම ගමනේදී දුම්බර මිටියාවතම දැකගත හැකි මනස්කාන්ත නැරබුම් ස්ථානයක් අපට හමුවන අතර එය වේගයෙන් සුලන් හමන සුලන් කපොල්ලක් වැනි ස්ථානයක්. දුම්බර වන රක්ෂිතයේ සුන්දරත්වය පහසුවෙන්ම නැරඹීමට හැකි ස්ථානයක් ලෙස රිවස්ටන් නම් කරන්න පුළුවන්. ඊට අමතරව මෙම මනස්කාන්ත ප්‍රදේශයේ සැඟවුණු සුන්දර දිය ඇලි කිහිපයක්ම පිහිටා තිබෙනවා. ඒ  දෙකක් තමයි සේර ඇල්ල, බබරකිරි ඇල්ල. තව පුංචි ලෝකාන්තයකුත් තියෙනව. පිටවල පතනත් අහුවෙනව මේ ගමනේදී. පිටවල පතන පිහිටලා තියෙනේ රත්තොට පැත්තේ ඉදන් ආවොත් නම් රිවස්ටන් පසු කරලා ඉදිරියට යන්න ඕනේ. හෙට්ටිපොල පල්ලේගම පැත්තෙන් ආවොත්නම් පිටවල පතනට රිවස්ටන් වලට කලින්ලගා වෙන්න පුළුවන්. තව මේ ...

Ranawana Purana Wiharaya | රණවන පුරාණ විහාරය

ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලාව ප්‍රදේශයේ පිහිටා ඇති පුරාණ බෞද්ධ විහාරයක් සේ සැළකේ. එය මහනුවර-කොළඹ මාර්ගයේ පිළිමතලාව නානුඔය පාලම අසල සිට ඇතුල් දෙසට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ උසම සක්මන් බුද්ධ ප්‍රථිමාව මෙම විහාරස්ථානයේදී දැකගත හැකිවේ.රණවන විහාරයේ ඉතිහාසය ගම්පොල යුගයේ සිව්වන බුවනෙකබාහු රජ සමය දක්වා දිවයන බැව් විශ්වාස කෙරේ. 1982 වර්ෂයේ විහාරයේ දාගැබෙහි සිදුකරන ලද ප්‍රතිසංස්කරණ කටයුතු වලදී ලෝහමය කරඩුවක් සොයා ගෙන තිබේ. මීට අමතරව ඉතාම අලංකාරවත් කඳුතරණයක් අත්විදීමට මෙම පුරාණ විහාරය වන්දනාමාන කරන ඔබට හැකියාව ලැබේ.විශාල වැල් ගොමු අතරින් බුදු සිරිතේ එන ජාතක කතා මූර්තිමය ස්වරූපයෙන් නිර්මාණය කර තවත් අලංකාරයක් එකතු කොට තිබේ.පරිසරය සුරකිමින් නිදහසේ පුදබිම තුල හුස්ම ගමින් සාමකාමී පරිසරයකට යොමුවී භාවනා කටයුතු කිරීමට සුදුසු පරිසරයක් මෙහි පවතිනවා.අපේ රටේ සොබාදහම සුරැකිව ගොඩනැගෙන නිර්මාණයන් බොහොම අල්පයි.මෙයත් එවැනි පුදබිමක්.නොවරදවාම වරක් ඇවිත් යන්න.  "අපි , අපගේ උරුමයන් රැකගත යුතුය"  රචනය : උදාර ජයසංඛ ©️ Like Us On Facebook : https://www.facebook.com/Se...

Trip to Ella, Badulla | ඇල්ල බදුල්ල සවාරිය

ඇල්ල කියන්නෙ ශ්‍රී ලංකාවේ ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කය තුල පිහිටි අලංකාර කුඩා නගරයක්. ආසන්න වශයෙන් කොළඹ සිට කිලෝමීටර 200ක් පමණ නැගෙනහිරින් පිහිටා ඇති අතර මුහුදු මට්ටමේ සිට මීටර 1041ක් පමණ වේ. 'ඇල්ල' කිව්වාම ලංකාවෙ අපිටත් වඩා හොඳට දන්නෙ විදේශිකයො තමයි. ඒ තරම් විදේශිකයෝ සංඛ්‍යාවක් දවසකට මේ ස්ථාන බලන්න එනව. ඇල්ලේ යද්දී කෝච්චියේ යනවනම් මාරම ලස්සන විව්  එකක් බලාගන්න පුළුවන්. ඒ වගේම ඇල්ල අවට බලන්නත් ලස්සන තැන් ගොඩක්ම තියෙනව. අපි නම් ඉස්සෙල්ලම ගියේ හපුතලේ. ඊටපස්සේ ලිප්ටන් ශීට් ගිහින්, ඇඩිශම් බංගලාව. ඊලග දවසෙ ගියේ පුංචි සිරිපාදෙයි, ඇල්ල රොක් එකයි. ඊටපස්සේ දවසෙ ඇල්ලේ ඉදන් දෙමෝදරට රේල් හයික්  එකක් යනගමන් ආරුක්කු නවයේ පාලමත් බලල ආවෙ. දෙමෝදර railway loop එක ගොඩක් අය මිස් කරන තැනක්. ඒ, එකම කන්දේ දුම්රිය රවුමක් ගිහින් එන ලංකාවේ එකම ස්ථානය. ම්ම්.. තව බලන්න නම් තැන් තියෙනව. දෝව පන්සල, රාවණා ඇල්ල, බෝගොඩ පාලම, රාවණා ගුහාව වගේ ගොඩක් තැන් තියෙනව බලන්න නම්. ලිප්ටන් ශීට්: ලංකාවේ පළාත් පහක් එකම තැනක ඉදන් බලන්නට පුඵවන් එකම ස්ථානය බදුල්ල දිස්ත්‍රික්කයේ විතරක් නොවෙයි ලෝකයේ  සුන්දරම තැන් වලි...