Skip to main content

Riverston | රිවස්ටන්

රිවස්ටන් කියන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ දුම්බර වන රක්ෂිතයට මායිම්ව ඇති සුන්දරතම ස්ථානයක්. රිවස්ටන් කඳු මුදුනේ සන්නිවේදන කුළුණක් ඇති අතර එයට පිවිසෙන මාර්ගයේ පා ගමනින් යාමට අවසර ලබාදී තිබෙනවා. උඩටගියාම දකින්න ලැබෙන දර්ශනය නම් අමතක නොවෙන එකක් කියන්න පුළුවන්. වටෙන් ම නකල්ස් කඳු වැටියෙන් ද ඈත පෙන පතන සහ ඈත ගම්මාන වලද දර්ශනය හැමදාම දකින්න පුළුවන් කමක්නම් නෑ. මොකද ගොඩක් වෙලාවට කන්ද වටේට මීදුමෙන් වැහිලයි තියෙන්නේ. මෙම ගමනේදී දුම්බර මිටියාවතම දැකගත හැකි මනස්කාන්ත නැරබුම් ස්ථානයක් අපට හමුවන අතර එය වේගයෙන් සුලන් හමන සුලන් කපොල්ලක් වැනි ස්ථානයක්. දුම්බර වන රක්ෂිතයේ සුන්දරත්වය පහසුවෙන්ම නැරඹීමට හැකි ස්ථානයක් ලෙස රිවස්ටන් නම් කරන්න පුළුවන්.

ඊට අමතරව මෙම මනස්කාන්ත ප්‍රදේශයේ සැඟවුණු සුන්දර දිය ඇලි කිහිපයක්ම පිහිටා තිබෙනවා. ඒ  දෙකක් තමයි සේර ඇල්ල, බබරකිරි ඇල්ල. තව පුංචි ලෝකාන්තයකුත් තියෙනව. පිටවල පතනත් අහුවෙනව මේ ගමනේදී. පිටවල පතන පිහිටලා තියෙනේ රත්තොට පැත්තේ ඉදන් ආවොත් නම් රිවස්ටන් පසු කරලා ඉදිරියට යන්න ඕනේ. හෙට්ටිපොල පල්ලේගම පැත්තෙන් ආවොත්නම් පිටවල පතනට රිවස්ටන් වලට කලින්ලගා වෙන්න පුළුවන්. තව මේ යන ගමනේදී, එද්දී සෙම්බුවත්ත වැවත් බලාගෙනම එන්න පුළුවන්. සෙම්බුවත්ත යද්දී, 1949 පටන් ගෙන තියෙන ඇල්කඩුව තේ ෆැක්ටරියත් අහුවෙනව.
ම්ම්ම්ම්.. රිවස්ටන් ගමන නම් මාරම ලස්සන පරිසරයක් අතරින් යන්න තියෙන ගමනක්. කුඩල්ලොත් පට්ටෙට ඉන්නව. කොහොම උනත් ඒ ලස්සන පරිසරය විනාශ නොකර එන්න වග බලාගන්න.
චායාරූප - පුටේ/තිලාන් අසේල
චායාරූප සංස්කරණය - බාවා/ජනක පුෂ්පකුමාර

-ජූලා
2018/02/03

Like Us On Facebook : https://www.facebook.com/SerendibSri/
Subscribe Us On Youtube : https://www.youtube.com/channel/UCRA2yAfcoO7_8ySX-d_jaNg/








































Comments

Popular posts from this blog

Ranawana Purana Wiharaya | රණවන පුරාණ විහාරය

ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලාව ප්‍රදේශයේ පිහිටා ඇති පුරාණ බෞද්ධ විහාරයක් සේ සැළකේ. එය මහනුවර-කොළඹ මාර්ගයේ පිළිමතලාව නානුඔය පාලම අසල සිට ඇතුල් දෙසට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ උසම සක්මන් බුද්ධ ප්‍රථිමාව මෙම විහාරස්ථානයේදී දැකගත හැකිවේ.රණවන විහාරයේ ඉතිහාසය ගම්පොල යුගයේ සිව්වන බුවනෙකබාහු රජ සමය දක්වා දිවයන බැව් විශ්වාස කෙරේ. 1982 වර්ෂයේ විහාරයේ දාගැබෙහි සිදුකරන ලද ප්‍රතිසංස්කරණ කටයුතු වලදී ලෝහමය කරඩුවක් සොයා ගෙන තිබේ. මීට අමතරව ඉතාම අලංකාරවත් කඳුතරණයක් අත්විදීමට මෙම පුරාණ විහාරය වන්දනාමාන කරන ඔබට හැකියාව ලැබේ.විශාල වැල් ගොමු අතරින් බුදු සිරිතේ එන ජාතක කතා මූර්තිමය ස්වරූපයෙන් නිර්මාණය කර තවත් අලංකාරයක් එකතු කොට තිබේ.පරිසරය සුරකිමින් නිදහසේ පුදබිම තුල හුස්ම ගමින් සාමකාමී පරිසරයකට යොමුවී භාවනා කටයුතු කිරීමට සුදුසු පරිසරයක් මෙහි පවතිනවා.අපේ රටේ සොබාදහම සුරැකිව ගොඩනැගෙන නිර්මාණයන් බොහොම අල්පයි.මෙයත් එවැනි පුදබිමක්.නොවරදවාම වරක් ඇවිත් යන්න.  "අපි , අපගේ උරුමයන් රැකගත යුතුය"  රචනය : උදාර ජයසංඛ ©️ Like Us On Facebook : https://www.facebook.com/Se...

Nuwara Eliya 2019 | නුවර එළිය 2019

නුවරඑළිය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මිටියාවතක පිහිටි සුන්දර නගරයකි . මුහුදු මට්ටමේ සිට මීටර් 1868 (අඩි 6128) ක් උසින් පිහිටා ඇති මෙම නගරය අයත් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයටයි. ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කන්ද පිහිටා ඇත්තේ ද මෙම නගරය ආසන්නයෙහි ය. නුවරඑළියේ ඇති තවත් විශේෂ ගණයේ අංගයක් නම් එහි දී හමුවන යුරෝපිය ඵළවළු, පළතුරු හා මල් වර්ගයි. ‍මෙම නගරයේ වැසියන් මේවා ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස, අතිරේක ආදායම් මාර්ගයක් ලෙස හෝ විනෝදාංශයක් ලෙස වැවීම සිදු කරති. මේ ‘පුංචි එංගලන්තය’ පුරාම අර්තාපල්, කැරට්, ලීක්ස් වැනි එළවළු ද රෝස, ඩේසි, ඇස්ටමේරියා වැනි මල් වර්ග ද රසවත් ස්ට්‍රෝබෙරි ද වැවූ බිම්කඩවල් පෙනෙන්නට තිබේ. ලංකාවේ මෙන්ම විදෙස් ජාතිකයන්ද වැඩිපුරම සංචාරය කරන මෙහි දැක බලාගැනීමට සංචාරක ආකර්ෂණ ස්ථාන ඉතා විශාල සංඛ්‍යාවක් ඇත. ඉන් කිහිපයක් නම්, හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ලෝකාන්තය බේකර්ස් ඇල්ල ග්‍රෙගරි වැව ලවර්ස් ලීප් ඇල්ල නුවරඑළිය තැපැල් කාර්යාලය වික්ටෝරියා උද්‍යානය  යනාදියයි. ඔබත් නුවර එලිය අසිරිය විදින්න. කිසිදු හානියක් නොකරන්න! -ජුලා 2019-04-19 Like Us On Facebook :...