Skip to main content

Nuwara Eliya 2019 | නුවර එළිය 2019

නුවරඑළිය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මිටියාවතක පිහිටි සුන්දර නගරයකි . මුහුදු මට්ටමේ සිට මීටර් 1868 (අඩි 6128) ක් උසින් පිහිටා ඇති මෙම නගරය අයත් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයටයි. ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කන්ද පිහිටා ඇත්තේ ද මෙම නගරය ආසන්නයෙහි ය.

නුවරඑළියේ ඇති තවත් විශේෂ ගණයේ අංගයක් නම් එහි දී හමුවන යුරෝපිය ඵළවළු, පළතුරු හා මල් වර්ගයි. ‍මෙම නගරයේ වැසියන් මේවා ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස, අතිරේක ආදායම් මාර්ගයක් ලෙස හෝ විනෝදාංශයක් ලෙස වැවීම සිදු කරති. මේ ‘පුංචි එංගලන්තය’ පුරාම අර්තාපල්, කැරට්, ලීක්ස් වැනි එළවළු ද රෝස, ඩේසි, ඇස්ටමේරියා වැනි මල් වර්ග ද රසවත් ස්ට්‍රෝබෙරි ද වැවූ බිම්කඩවල් පෙනෙන්නට තිබේ.

ලංකාවේ මෙන්ම විදෙස් ජාතිකයන්ද වැඩිපුරම සංචාරය කරන මෙහි දැක බලාගැනීමට සංචාරක ආකර්ෂණ ස්ථාන ඉතා විශාල සංඛ්‍යාවක් ඇත. ඉන් කිහිපයක් නම්,
හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය
ලෝකාන්තය
බේකර්ස් ඇල්ල
ග්‍රෙගරි වැව
ලවර්ස් ලීප් ඇල්ල
නුවරඑළිය තැපැල් කාර්යාලය
වික්ටෝරියා උද්‍යානය යනාදියයි.

ඔබත් නුවර එලිය අසිරිය විදින්න. කිසිදු හානියක් නොකරන්න!

-ජුලා
2019-04-19

Like Us On Facebook : https://www.facebook.com/SerendibSri/
Subscribe Us On Youtube : https://www.youtube.com/channel/UCRA2yAfcoO7_8ySX-d_jaNg/
















Comments