Skip to main content

Narangala | නාරංගල

නාරංගල, කඳු කඳු මුදුන (1500m) ඉතා අලංකාර වටපිටාවක් සහිත බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පළාතේ පිහිටා ඇත. එය ඌව පළාතේ දෙවන උසම කන්ද වන අතර එය නමුණුකුල  කන්දට පමණක් දෙවැනි වේ. නාරංගල කඳු මුදුනේ දැකිය හැකි ලා රන්වන් පැහැය නිසා එයට නාරංගල යන නම පට බැදේ. තව ද Golden Peak ලෙසද හදුන්වයි.

නාරංගල රන් කඳු මුදුන කොටස් දෙකකින් සමන්විත වේ. (ඉහළ කොටස සහ පහල කොටස). ඔබ නාරංගල කන්දෙහි ඉහළ කොටසට ළඟා වන විට, ඔබේ ජීවිතයේ මෙතෙක් දැක ඇති ඉතාම සුන්දර දර්ශනය ඔබට දැකගත හැකිය. උදේ පාන්දරින්ම ඔබට එහි ළඟා විය හැකි නම්, අපූරු හිරු උදාව, නායබැද්ද මැඩොල්සිම ප්‍රදේශය, එක් පැත්තකින් පූනගල ප්‍රදේශය සහ ඉදල්ගස්හින්න සහ හපුතලේ සානුව, නමනුකුල කඳු වැටිය සහ අනෙක් පැත්තේ හෝර්ටන් තැනිතලාව, රන්දෙනිගල රක්ෂිතය දැක ගත හැකිය.

ඔබ පැමිණෙන්නේ කොළඹ සිට නම්, බදුල්ල නගරයට පැමිණ,  එතැන් සිට කීනකැලේ බසයක පැමිණ හෝ කන්දෙගෙදරට පැමිණ, එතැන් සිට කීනකැලේ දක්වා ගමන් කල යුතුය. කීනකැලේ බසය නවතන ස්ථානයේ සිට ඔබට කන්ද තරණය කිරීමට සිදුවේ. කඳු මුදුනට ළඟා වීමට ඔබට භාවිතා කළ හැකි අඩිපාරවල් සහ පියවරයන් කිහිපයක් ඇති අතර සමහර භයානක ස්ථානවල ආරක්ෂිත යකඩ වැටවල් ද ඔබට හමුවනු ඇත.

වැදගත්  කරුණු නම්..
ළමයින් රැගෙන යනවනම් පරෙස්සමෙන් යා යුතුය. දැඩි සුළගක් සහිත ප්‍රදේශයකි. කදු මුදුනේ ජල සැපයුමක් නොමැති නිසා අවශ්‍ය තරම් ජලය සහ ආහාර රැගෙන යා යුතුය. විශේෂම කරුණක් නම් රාත්‍රිය එහි කුඩාරම් ගසා නවතින්නේනම්, ඉතා ගිනිගන්නාසුළු තණකොළ සහිත වන බැවින් ඉතාමත් ප්‍රවේශම් විය යුතුමය.

එබැවින් මතු පරපුරටත් මේ උරුමයන් මෙලෙසින්ම ආරක්ෂා කර ගැන්ම අප සැමගේ යුතුකමකි!

-ජූලා
2019/07/13

Like Us On Facebook : https://www.facebook.com/SerendibSri/
Subscribe Us On Youtube : https://www.youtube.com/channel/UCRA2yAfcoO7_8ySX-d_jaNg/































Comments

Popular posts from this blog

Riverston | රිවස්ටන්

රිවස්ටන් කියන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ දුම්බර වන රක්ෂිතයට මායිම්ව ඇති සුන්දරතම ස්ථානයක්. රිවස්ටන් කඳු මුදුනේ සන්නිවේදන කුළුණක් ඇති අතර එයට පිවිසෙන මාර්ගයේ පා ගමනින් යාමට අවසර ලබාදී තිබෙනවා. උඩටගියාම දකින්න ලැබෙන දර්ශනය නම් අමතක නොවෙන එකක් කියන්න පුළුවන්. වටෙන් ම නකල්ස් කඳු වැටියෙන් ද ඈත පෙන පතන සහ ඈත ගම්මාන වලද දර්ශනය හැමදාම දකින්න පුළුවන් කමක්නම් නෑ. මොකද ගොඩක් වෙලාවට කන්ද වටේට මීදුමෙන් වැහිලයි තියෙන්නේ. මෙම ගමනේදී දුම්බර මිටියාවතම දැකගත හැකි මනස්කාන්ත නැරබුම් ස්ථානයක් අපට හමුවන අතර එය වේගයෙන් සුලන් හමන සුලන් කපොල්ලක් වැනි ස්ථානයක්. දුම්බර වන රක්ෂිතයේ සුන්දරත්වය පහසුවෙන්ම නැරඹීමට හැකි ස්ථානයක් ලෙස රිවස්ටන් නම් කරන්න පුළුවන්. ඊට අමතරව මෙම මනස්කාන්ත ප්‍රදේශයේ සැඟවුණු සුන්දර දිය ඇලි කිහිපයක්ම පිහිටා තිබෙනවා. ඒ  දෙකක් තමයි සේර ඇල්ල, බබරකිරි ඇල්ල. තව පුංචි ලෝකාන්තයකුත් තියෙනව. පිටවල පතනත් අහුවෙනව මේ ගමනේදී. පිටවල පතන පිහිටලා තියෙනේ රත්තොට පැත්තේ ඉදන් ආවොත් නම් රිවස්ටන් පසු කරලා ඉදිරියට යන්න ඕනේ. හෙට්ටිපොල පල්ලේගම පැත්තෙන් ආවොත්නම් පිටවල පතනට රිවස්ටන් වලට කලින්ලගා වෙන්න පුළුවන්. තව මේ ...

Ranawana Purana Wiharaya | රණවන පුරාණ විහාරය

ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලාව ප්‍රදේශයේ පිහිටා ඇති පුරාණ බෞද්ධ විහාරයක් සේ සැළකේ. එය මහනුවර-කොළඹ මාර්ගයේ පිළිමතලාව නානුඔය පාලම අසල සිට ඇතුල් දෙසට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ උසම සක්මන් බුද්ධ ප්‍රථිමාව මෙම විහාරස්ථානයේදී දැකගත හැකිවේ.රණවන විහාරයේ ඉතිහාසය ගම්පොල යුගයේ සිව්වන බුවනෙකබාහු රජ සමය දක්වා දිවයන බැව් විශ්වාස කෙරේ. 1982 වර්ෂයේ විහාරයේ දාගැබෙහි සිදුකරන ලද ප්‍රතිසංස්කරණ කටයුතු වලදී ලෝහමය කරඩුවක් සොයා ගෙන තිබේ. මීට අමතරව ඉතාම අලංකාරවත් කඳුතරණයක් අත්විදීමට මෙම පුරාණ විහාරය වන්දනාමාන කරන ඔබට හැකියාව ලැබේ.විශාල වැල් ගොමු අතරින් බුදු සිරිතේ එන ජාතක කතා මූර්තිමය ස්වරූපයෙන් නිර්මාණය කර තවත් අලංකාරයක් එකතු කොට තිබේ.පරිසරය සුරකිමින් නිදහසේ පුදබිම තුල හුස්ම ගමින් සාමකාමී පරිසරයකට යොමුවී භාවනා කටයුතු කිරීමට සුදුසු පරිසරයක් මෙහි පවතිනවා.අපේ රටේ සොබාදහම සුරැකිව ගොඩනැගෙන නිර්මාණයන් බොහොම අල්පයි.මෙයත් එවැනි පුදබිමක්.නොවරදවාම වරක් ඇවිත් යන්න.  "අපි , අපගේ උරුමයන් රැකගත යුතුය"  රචනය : උදාර ජයසංඛ ©️ Like Us On Facebook : https://www.facebook.com/Se...

Trip to Ella, Badulla | ඇල්ල බදුල්ල සවාරිය

ඇල්ල කියන්නෙ ශ්‍රී ලංකාවේ ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කය තුල පිහිටි අලංකාර කුඩා නගරයක්. ආසන්න වශයෙන් කොළඹ සිට කිලෝමීටර 200ක් පමණ නැගෙනහිරින් පිහිටා ඇති අතර මුහුදු මට්ටමේ සිට මීටර 1041ක් පමණ වේ. 'ඇල්ල' කිව්වාම ලංකාවෙ අපිටත් වඩා හොඳට දන්නෙ විදේශිකයො තමයි. ඒ තරම් විදේශිකයෝ සංඛ්‍යාවක් දවසකට මේ ස්ථාන බලන්න එනව. ඇල්ලේ යද්දී කෝච්චියේ යනවනම් මාරම ලස්සන විව්  එකක් බලාගන්න පුළුවන්. ඒ වගේම ඇල්ල අවට බලන්නත් ලස්සන තැන් ගොඩක්ම තියෙනව. අපි නම් ඉස්සෙල්ලම ගියේ හපුතලේ. ඊටපස්සේ ලිප්ටන් ශීට් ගිහින්, ඇඩිශම් බංගලාව. ඊලග දවසෙ ගියේ පුංචි සිරිපාදෙයි, ඇල්ල රොක් එකයි. ඊටපස්සේ දවසෙ ඇල්ලේ ඉදන් දෙමෝදරට රේල් හයික්  එකක් යනගමන් ආරුක්කු නවයේ පාලමත් බලල ආවෙ. දෙමෝදර railway loop එක ගොඩක් අය මිස් කරන තැනක්. ඒ, එකම කන්දේ දුම්රිය රවුමක් ගිහින් එන ලංකාවේ එකම ස්ථානය. ම්ම්.. තව බලන්න නම් තැන් තියෙනව. දෝව පන්සල, රාවණා ඇල්ල, බෝගොඩ පාලම, රාවණා ගුහාව වගේ ගොඩක් තැන් තියෙනව බලන්න නම්. ලිප්ටන් ශීට්: ලංකාවේ පළාත් පහක් එකම තැනක ඉදන් බලන්නට පුඵවන් එකම ස්ථානය බදුල්ල දිස්ත්‍රික්කයේ විතරක් නොවෙයි ලෝකයේ  සුන්දරම තැන් වලි...