Skip to main content

Erathna Trail to Sri Pada | එරත්න හරහා ශ්‍රී පාදයට

මේ කියන්න යන්නේ කුරුවිට එරත්න කැලේ පාරෙන් ශ්‍රී පාදයට ගිය ගමන ගැනයි. මුලින්ම කොළඹ ඉදල රත්නපුර සමන් දෙවලෙටත් ගිහින් වැදලා ඊටපස්සේ එරත්නට ගිහින් තමයි ගමන යන්න පටන් ගත්තෙ. මේ ගමනේ දුර සාමාන්යෙන් කිලෝමීටර් 12-16ක් වගේ වෙනව. එත් ඒක දැනෙන්නේ නෑ ලස්සන පරිසරය නිසා. අපි නම් යන්න පටන් ගත්තේ හවස 3ට වගේ. එත් මහන්සියක් නම් දැනෙන්නේ නෑ වගේ.

ගමන ආරම්භයේ ම සැලකිය යුතු දුරක් දක්වා තරමක් දුෂ්කර පාරක් තියෙන්නෙ. ප්‍රධාන  වශයෙන්ම කැලෙන් නිසා. ඉන්පසුව වර්ණගල කඳු මුදුනට ලඟා වීමත් සමගම දුෂ්කර කඳු තරණය තරමක් අවසන් වෙනව. ගමනේ මුල් කිලෝමීටර් 1.5 අවසන් වීමත් සමගම පළමු අම්බලම, ජම්බෝලගහ යට අම්බලම හමු වෙනව.  ඉන්පසු කිලෝමීටරයකට පසු ඩයමන්ඩ්ගල  අම්බලම හමු වෙනව. ඉන්පසු තරමක් ඉහලට ගමන් කිරීමේදී කුඩා විදුලි බලාගාරයක ටර්බයින් සහිත ස්ථානයකට ලගා වෙනව. අතිශයින්ම අනතුරුදායක ස්ථානයක් වන මෙම ස්ථානය හැකි ඉක්මනින් පසු කිරීම ඉතාමත්ම ආරාක්ශාකාරී වේ. මොකද, ඉහලට වර්ෂාව ඇති අවස්ථාවකදී නොසිතන මොහොතකදී ජලයෙන් යටවීමේ අවධානම අතිශයින්ම ඉහල ස්ථානයක් මේ. එම ස්ථානය පසුකර මීටර් 50ක්  පමණ ගමන් කලපසු සමන් දේවාලයක් හා බුදු කුටියක් හමු වෙනව. ගමනේ මුළු දුර කිලෝමීටර් 3.5 පමණ වූ පසු වර්ණගල කඳු මුදුන හමු වෙනවා.

ඉන්පසු යන්න වෙන්නේ කුඩා අඩි පාරවල් ඔස්සේ. මුළු දුර කිලෝමීටර් 5ක් පමණ ගියාම සීත ගඟුල විශ්‍රාම ශාලාව හමු වෙනව. ආපන ශාලාවක් සහිත මෙම ස්ථානය ස්ථීර විශ්‍රාම ශාලාවක්. විශ්‍රාම ශාලාව පසු කිරීමත් සමගම හමු වන්නේ කුරුවිට එරත්න මාර්ගයේ සීත ගඟුලයි. තව දුරටත් ගමන් කිරීමෙන් පසු (මුළු දුර කිලෝමීටර් 7.7ක් පමණ වූ) පසු හමුවන්නේ මැදහින්න පන්සලයි. සමස්ත දුර කිලෝමීටර් 9ක් පමණ වූ පසු විශාල ගල් තලාවක් සහිත එළිමහන් පෙදෙසකට ලඟා වෙනව. මෙහි තරමක් ගරා වැටුණු ස්වභාවයකින් යුතු ස්ථීර  විශ්‍රාම ශාලාවක් තියෙනව. මෙම ස්ථානය කුරුවිට එරත්න මාර්ගයේ ඉදිකටු පානයි.

ඊටපස්සේ මීටර් 200ක පමණ ගල් සහිත මාර්ගයක් බැවින් තරමක් දුෂ්කර ස්වභාවයක් ගන්නව. ඉන්පස්සේ (මුළු දුර කිලෝමීටර් 10ක් පමණ වූ පසු) ගල් වංගෙඩිය හමු වෙනව. මෙම ස්ථානයේ විශේෂත්වය වන්නේ රන්තපුර ශ්‍රී පාද මාර්ග වන ශ්‍රී පලාබද්ද්දල මාර්ගය හා කුරුවිට එරත්න යන මාර්ග දෙක එකට හමු වී තනි මාර්ගයක් ලෙස සකස්වීමයි. ඉන්පස්සේ ටික දුරක් ගමන් කල පසු හමුවන්නේ ආඬියා මල තැන්න අම්බලමයි. මෙය ස්ථීර නවාතැන්පලක් වන අතර උඩ මලුව දක්වා ගමන් කිරීමේදී රත්නපුර මාර්ගයේ හමුවන අවසාන නවාතැන්පල තමයි මේ.

එතන ඉදන් කිලෝමීටර් 1ක් පමණ ගමන් කළ පසු, තරමක නැග්මකින් ගමන් කලයුතු අතර එහිදී ඇහැල කනුව දකින්න පුළුවන්. ඊටපස්සේ තියෙන්නේ රත්නපුර මාර්ගයේ  මහගිරිදඹ මාර්ගයයි. එතන ඉදන් සාමාන්‍ය විදියට නගින්න තමයි තියෙන්නේ.

කොහොමහරි අපි හවස 3ට 3.30ට වගේ නගින්න ගත්ත එක මළුවට යද්දී උදේ 5.30 වගේ වෙනකන් නැවතී නැවතී නැග්ගේ. එතකොට මහන්සියත් අඩු නිසා. රෑ යනවනම් අනිඅවරෙන්ම ටෝර්ච් අරන් යන්න. මොකද ගොඩක්ම යන්න තියෙන්නේ හොදටම කළුවරේ නිසා. කෑම බීම ඕන ගන්නට අරගෙන යන්නත් අමතක කරන්න එපා. උඩ යන්න යන්න ඒවා මිල වෙනව. ඒ වගේම ගෙනියන දේවල් ඒ ඒ තැන තැන දාන්නත් එපා. විනාශ නොකර එන්න වග බලාගන්න.

තව එකක් අපි යන්නේ ශ්‍රී පාදයේ කියලත් අමතක කරන්න එපා.

-ජූලා
2017/04/30
(හැමදාම වගේ ෆොටෝ ගැහුවේ තිලාන් අසේල/ ''පුටේ'')

Like Us On Facebook : https://www.facebook.com/SerendibSri/
Subscribe Us On Youtube : https://www.youtube.com/channel/UCRA2yAfcoO7_8ySX-d_jaNg/

























Comments

Post a Comment

Popular posts from this blog

Riverston | රිවස්ටන්

රිවස්ටන් කියන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ දුම්බර වන රක්ෂිතයට මායිම්ව ඇති සුන්දරතම ස්ථානයක්. රිවස්ටන් කඳු මුදුනේ සන්නිවේදන කුළුණක් ඇති අතර එයට පිවිසෙන මාර්ගයේ පා ගමනින් යාමට අවසර ලබාදී තිබෙනවා. උඩටගියාම දකින්න ලැබෙන දර්ශනය නම් අමතක නොවෙන එකක් කියන්න පුළුවන්. වටෙන් ම නකල්ස් කඳු වැටියෙන් ද ඈත පෙන පතන සහ ඈත ගම්මාන වලද දර්ශනය හැමදාම දකින්න පුළුවන් කමක්නම් නෑ. මොකද ගොඩක් වෙලාවට කන්ද වටේට මීදුමෙන් වැහිලයි තියෙන්නේ. මෙම ගමනේදී දුම්බර මිටියාවතම දැකගත හැකි මනස්කාන්ත නැරබුම් ස්ථානයක් අපට හමුවන අතර එය වේගයෙන් සුලන් හමන සුලන් කපොල්ලක් වැනි ස්ථානයක්. දුම්බර වන රක්ෂිතයේ සුන්දරත්වය පහසුවෙන්ම නැරඹීමට හැකි ස්ථානයක් ලෙස රිවස්ටන් නම් කරන්න පුළුවන්. ඊට අමතරව මෙම මනස්කාන්ත ප්‍රදේශයේ සැඟවුණු සුන්දර දිය ඇලි කිහිපයක්ම පිහිටා තිබෙනවා. ඒ  දෙකක් තමයි සේර ඇල්ල, බබරකිරි ඇල්ල. තව පුංචි ලෝකාන්තයකුත් තියෙනව. පිටවල පතනත් අහුවෙනව මේ ගමනේදී. පිටවල පතන පිහිටලා තියෙනේ රත්තොට පැත්තේ ඉදන් ආවොත් නම් රිවස්ටන් පසු කරලා ඉදිරියට යන්න ඕනේ. හෙට්ටිපොල පල්ලේගම පැත්තෙන් ආවොත්නම් පිටවල පතනට රිවස්ටන් වලට කලින්ලගා වෙන්න පුළුවන්. තව මේ ...

Ambuluwawa | අම්බුලුවාව

ගම්පොල නගරයේ සිට හෙම්මාතගම මාර්ගය දිගේ කිලෝමීටර 5ක් පමණ යද්දී අම්බුලුවාව කඳු මුදුනට ප්‍රවේශ මාර්ගයට යන්න පුළුවන්. අක්කර 927ක පමණ භූමි භාගයක විසිර පවතින මේ කඳු ගැටය අනෙකුත් කඳුවැටි වලින් වෙන්ව හුදකලාව පවතිනවා. මුහුදු මට්ටමින් අඩි 3567ක් උස කඳු ගැටය මත පිහිටි චෛතයය නිසාවෙන් මෙය අපූර්ව ස්ථානයක් බවට පත්වී තිබෙනවා. ගම්පොල නගරයේ සිට බලන්නෙකුට පහසුවෙන් මේ චෛත්‍යය දැක ගන්න පුළුවන්. කන්ද පාමුල ඉඳන්ම පයින් යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වාගේම චෛත්‍ය පාමුල දක්වාම වාහනයක යන්නත් පුළුවන්. බොහෝමයක් දෙනා අපූර්ව අත්දැකීමක් විඳගැනීම උදෙසා මේ මුලු දුරම පයින් තරණය කරනවා. වටපිටින් හමන සිහිල් සුලඟ නිසාවෙනුත් ගහ කොලින් වැසුනු මාර්ගයේ සෙවන නිසාවෙනුත් කන්ද තරණය කරන්නා වූ අයට වැඩි මහන්සියක් දැනෙන්නේ නැහැ. නන් දෙසින් පැමිණෙන විවිධ ආගම් අදහන අය වෙනුවෙන් කතෝලික දේවස්ථානයක්, හින්දු කෝවිලක්, මුස්ලිම් පල්ලියක් සහ බෞද්ධ පන්සලක් මෙම කඳු මුදුනේ නිර්මාණය කරමින් සර්වාගමික තැනක් බවට පත් කරල තියෙනවා. කෘෂි කර්මාන්තය සනිටුහන් කිරීම සඳහා සැදුනු මෙම සෑය ගොවිජන සෑය නමින් හැඳින්වෙනවා. මාවත අවසානයේ ඇති බුදු පිළිමයත් එතැන සිට ඇති ...

Nuwara Eliya 2019 | නුවර එළිය 2019

නුවරඑළිය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මිටියාවතක පිහිටි සුන්දර නගරයකි . මුහුදු මට්ටමේ සිට මීටර් 1868 (අඩි 6128) ක් උසින් පිහිටා ඇති මෙම නගරය අයත් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයටයි. ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කන්ද පිහිටා ඇත්තේ ද මෙම නගරය ආසන්නයෙහි ය. නුවරඑළියේ ඇති තවත් විශේෂ ගණයේ අංගයක් නම් එහි දී හමුවන යුරෝපිය ඵළවළු, පළතුරු හා මල් වර්ගයි. ‍මෙම නගරයේ වැසියන් මේවා ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස, අතිරේක ආදායම් මාර්ගයක් ලෙස හෝ විනෝදාංශයක් ලෙස වැවීම සිදු කරති. මේ ‘පුංචි එංගලන්තය’ පුරාම අර්තාපල්, කැරට්, ලීක්ස් වැනි එළවළු ද රෝස, ඩේසි, ඇස්ටමේරියා වැනි මල් වර්ග ද රසවත් ස්ට්‍රෝබෙරි ද වැවූ බිම්කඩවල් පෙනෙන්නට තිබේ. ලංකාවේ මෙන්ම විදෙස් ජාතිකයන්ද වැඩිපුරම සංචාරය කරන මෙහි දැක බලාගැනීමට සංචාරක ආකර්ෂණ ස්ථාන ඉතා විශාල සංඛ්‍යාවක් ඇත. ඉන් කිහිපයක් නම්, හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ලෝකාන්තය බේකර්ස් ඇල්ල ග්‍රෙගරි වැව ලවර්ස් ලීප් ඇල්ල නුවරඑළිය තැපැල් කාර්යාලය වික්ටෝරියා උද්‍යානය  යනාදියයි. ඔබත් නුවර එලිය අසිරිය විදින්න. කිසිදු හානියක් නොකරන්න! -ජුලා 2019-04-19 Like Us On Facebook :...