දියලූම දිය ඇල්ල මීටර් 220 (අඩි 720) ක් උස වන අතර ශ්‍රී ලංකාවේ දෙවන උසම දිය ඇල්ල සහ ලෝකයේ 361වෙනි උසම දිය ඇල්ල වේ.
මෙම දිය ඇල්ලට ළගාවීමට ක්‍රම කිහිපයක් සහ ආරම්භක ස්ථාන කිහිපයක් තිබෙන අතර, එය කොළඹ-බදුල්ල අධිවේගී මාර්ගයේ බදුල්ල දිස්ත්‍රික්කයේ කොස්ලන්ද සිට කි.මී. 6 ක් (සැතපුම් 3.7) දුරින් පිහිටා ඇත. මෙම දිය ඇල්ල සෑදී ඇත්තේ කුඩා ඔයෙහි අතු ගංගාවක් වන පූනගල ඔය විසිනි. එය කිරින්දි ඔයෙහි අතු ගංගාවකි.
මෙම දිය ඇල්ලේ කොටස් දෙකක් වේ. එනම් දියළුම හා උඩ දියලුමයි. මුලින් ඔබට හමුවන්නේ දියලුම ඇල්ල වේ. එතැන් සිට තවත් මීටර කිහිපයක් ඉහලට යන විට උඩ දියලුම හමුවේ. දිය ඇල්ලේ පළමු කොටසට ළඟා වූ පසු, ඔබට පිහිනීමට හැකි ස්වාභාවික තටාක කිහිපයක්ම හමුවේ. දියලුම ඇල්ලේ පහලම ස්වබාවික තටාකයේ සිට ඔබට ඇල්ල පහල හා ඒ අවට මනස්කාන්ත දර්ශනයක් දැකගත හැක.
නමුත් ප්‍රවේසම් වන්න!
උඩ දියලුමද ඒ ආකාරයෙන්ම ඔබට නෑම සදහා සුදුසු ආරක්ෂාකාරී ජල තටාක කිහිපයක්ම ඇත. මෙහි අවට ප්‍රමාණවත් සෙවන සහිත ප්‍රදේශද සපයන අතර ඔබට/පවුලේ සැමට පහසුවෙන්ම මුළු දවසම ගත කර ඒමට ලංකාවේ ඇති සුදුසුම ස්ථානයකි. එනම් ඔබගේ අවශ්‍යතාවන් සපුරා ගන්නවා සේම, එම ස්ථානද ආරක්ෂා කරගැනීමට වග බලාගන්න.!
2019-01-13
-ජූලා
Like Us On Facebook : https://www.facebook.com/SerendibSri/
Subscribe Us On Youtube : https://www.youtube.com/channel/UCRA2yAfcoO7_8ySX-d_jaNg/

Comments
Post a Comment