Skip to main content

Trail to Pahanthudawa | ඔහියේ සිට පහන්තුඩාවට

කොළඹ සිට කි.මී. 160 ක් පමණ දුරින් පිහිටා ඇති, බෙලිහුල්ඔය කියන්නේ මතක් වෙනකොටත් පුදුම තරම් සුන්දරත්වයක් දැනෙන ශ්‍රී ලංකාවේ කදුකරයේ කුඩා ගම්මානයක්. නිවාඩු සඳහා සුපිරි ම ස්ථානයක් වන අතර ස්වභාව ධර්මය නිරීක්ෂණය කිරීම සඳහා විශිෂ්ට ස්ථානයක්. මෙම ප්‍රදේශයේ බඹරකන්ද, බ්රැම්ටන්, දියමුල, දුහුවිලි, ගලගම, පපුලගල, රාවණ, සුරතලී සහ වලව් ගඟ ඇතුලුව ශ්රී ලංකාවේ වඩාත් සුන්දර දිය ඇලි කිහිපයක් ද පිහිටා තිබේ.
අපි නම් මේ ගමන ගියේ අනිත් පැත්තෙන්. ඒ කිව්වේ අපි කොළඹ ඉදන් බදුලු කෝච්චියේ ගිහින් ඔහියෙන් බැහැල එතන ඉදන් පයින් දවස් තුනක් කිලෝ මීටර 37ක් වගේ, යක්ෂයාගේ පඩිපෙළ හරහා තමයි බෙලිහුල් ඔයට ගියේ. පට්ටම පට්ට!

කොහොමහරි අපි කෝච්චියේ ගිහින් ඔහිය දුම්රිය ස්ථානයේ බහිද්දී උදේ 6.30 වගේ වෙලා(එදා පරක්කුයි කෝච්චිය). ඊටපස්සේ එතන තියෙන කඩෙන් කෑම කාල, ඕන කරන බඩුත්, වතුර එහෙමත් අරන්, එතන ඉදපු කෙනෙක්ගෙන් යන පාර අහගෙන තමයි යන්න පටන් ගත්තෙ. ඒ පාරේ යද්දී අහුවෙනවා හෝර්ටන් තැන්න කියල නම ගහපු ගලක්. එතනින් උඩ පාරේ තමයි යන්න ඕන. ඒ යද්දී තමයි යකාගේ පඩිපෙළ, උඩවේරිය වත්ත අහුවෙන්නෙ. පට්ටම ලස්සන විව් එකක්. ඔහොම යනගමන් මහන්සිය නිවාගන්න තැනින් තැන නැවතී නැවතී, සින්දුවක් කිය කියා, බඩගින්න නිවාගන්න අරන් ගියපු ඒවා කකා, තේ හදන් බිබී තමයි ගියේ. යද්දි රෑ වේගෙන ආවම නවතින්න තැනක් බැලුව. සෙට් උනේ බබරකන්ද ඇල්ල පේන්න ඔන්න මෙන්න තැනක්. එතන ටෙන්ට් ටික ගහල රැට කන්න කෑමත් හදාගෙන එදා රෑ පහන් කරා.

ඊටපස්සේ දෙවෙනි දවසේ ආපහු ගමන පටන් ගත්ත. එදා ඉස්සෙල්ලම ගියේ බබරකන්ද දිය ඇල්ල බලන්න. එතනින් පස්සේ තව පොඩ්ඩක් ඇතුලට යද්දී හම්බෙන, හැංගිලා තියෙන ලංකා ඇල්ල බලන්න ගියා. ලංකා ඇල්ල බලල එනගමන් බබරකන්ද ඇල්ලෙන් පැයක් වගේ හොදට නාල, කෑම කාල ආපහු එන්න ගත්තේ කළුපහන හන්දියට එන්න තියෙන නිසා. කොහොමහරි කළුපහන හන්දියට  එද්දී රෑ වේගෙන එන්නත් ඇවිල්ල. එදා රෑ නම් අපි හිටියේ අපේ එකෙක් දන්න කෙනෙක්ගේ ගෙදරක. දෙවෙනි දවසත් ඔහොම ඉවර උනා.

ඊළගට තුන්වෙනි දවස, යන්න හිතන් හිටියේ පහන්තුඩාව දිය ඇල්ල බලන්න. එදත් උදෙන් යන්න පටන් ගත්ත. දැනට අපි කිලෝ මීටර 30කටත් වඩා ඇවිත්. එදා නම් දවසෙම හිටියේ පහන්තුඩාවෙ. මොකද ඔක්කොටම මාර මහන්සියි. ගෙනියපු ටෙන්ට් ටිකත් එතනම ගහගෙන දවසෙම නාල නාල දවල්ටත් කාලම මහන්සිය අඩු උනාම එන්න පටන් ගත්ත ආපහු කොළඹට. එද්දී නම් ආවේ බදුල්ල කොළඹ බස් එකක. ම්ම්ම්... එහෙම තමයි ඒ ගමනත් ඉවර උනේ.

කියන්න තියෙන දෙයක් තමයි පහන්තුඩාව ඇල්ලේ එකපාරට වතුර වැඩි වෙනවා. ඒ නිසා කව්රුවත් නැති දවස් වල නම් කොහොමටත් යන්න එපා. ඒ මිනිස්සුන්ගෙන් අනිවාරෙන්ම අහගෙන යන්න. මොකද මේ ටිකේම නිව්ස් වලට පෙන්නපු ඒවා මතක ඇති නේ. අනිත් කාරණේ තමයි හැමදාම කියනවා වගේ මේ ලස්සන තැන් විනාශ කරන්න නම් එපා. අපි යද්දී එද්දී දැක්ක දේවලින් තේරුණේ මිනිස්සු මේවා බලන්න එන්නේ බොන්න විතරයි කියල. ඇත්තටම ලස්සන පරිසරයක්! තව කෙනෙක්ට හරි බලන්න ඉතිරි කරලා එන්න.

 - ජුලා
2018-07-27

Like Us On Facebook : https://www.facebook.com/SerendibSri/
Subscribe Us On Youtube : https://www.youtube.com/channel/UCRA2yAfcoO7_8ySX-d_jaNg/







































Comments

Popular posts from this blog

Riverston | රිවස්ටන්

රිවස්ටන් කියන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ දුම්බර වන රක්ෂිතයට මායිම්ව ඇති සුන්දරතම ස්ථානයක්. රිවස්ටන් කඳු මුදුනේ සන්නිවේදන කුළුණක් ඇති අතර එයට පිවිසෙන මාර්ගයේ පා ගමනින් යාමට අවසර ලබාදී තිබෙනවා. උඩටගියාම දකින්න ලැබෙන දර්ශනය නම් අමතක නොවෙන එකක් කියන්න පුළුවන්. වටෙන් ම නකල්ස් කඳු වැටියෙන් ද ඈත පෙන පතන සහ ඈත ගම්මාන වලද දර්ශනය හැමදාම දකින්න පුළුවන් කමක්නම් නෑ. මොකද ගොඩක් වෙලාවට කන්ද වටේට මීදුමෙන් වැහිලයි තියෙන්නේ. මෙම ගමනේදී දුම්බර මිටියාවතම දැකගත හැකි මනස්කාන්ත නැරබුම් ස්ථානයක් අපට හමුවන අතර එය වේගයෙන් සුලන් හමන සුලන් කපොල්ලක් වැනි ස්ථානයක්. දුම්බර වන රක්ෂිතයේ සුන්දරත්වය පහසුවෙන්ම නැරඹීමට හැකි ස්ථානයක් ලෙස රිවස්ටන් නම් කරන්න පුළුවන්. ඊට අමතරව මෙම මනස්කාන්ත ප්‍රදේශයේ සැඟවුණු සුන්දර දිය ඇලි කිහිපයක්ම පිහිටා තිබෙනවා. ඒ  දෙකක් තමයි සේර ඇල්ල, බබරකිරි ඇල්ල. තව පුංචි ලෝකාන්තයකුත් තියෙනව. පිටවල පතනත් අහුවෙනව මේ ගමනේදී. පිටවල පතන පිහිටලා තියෙනේ රත්තොට පැත්තේ ඉදන් ආවොත් නම් රිවස්ටන් පසු කරලා ඉදිරියට යන්න ඕනේ. හෙට්ටිපොල පල්ලේගම පැත්තෙන් ආවොත්නම් පිටවල පතනට රිවස්ටන් වලට කලින්ලගා වෙන්න පුළුවන්. තව මේ ...

Ranawana Purana Wiharaya | රණවන පුරාණ විහාරය

ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලාව ප්‍රදේශයේ පිහිටා ඇති පුරාණ බෞද්ධ විහාරයක් සේ සැළකේ. එය මහනුවර-කොළඹ මාර්ගයේ පිළිමතලාව නානුඔය පාලම අසල සිට ඇතුල් දෙසට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ උසම සක්මන් බුද්ධ ප්‍රථිමාව මෙම විහාරස්ථානයේදී දැකගත හැකිවේ.රණවන විහාරයේ ඉතිහාසය ගම්පොල යුගයේ සිව්වන බුවනෙකබාහු රජ සමය දක්වා දිවයන බැව් විශ්වාස කෙරේ. 1982 වර්ෂයේ විහාරයේ දාගැබෙහි සිදුකරන ලද ප්‍රතිසංස්කරණ කටයුතු වලදී ලෝහමය කරඩුවක් සොයා ගෙන තිබේ. මීට අමතරව ඉතාම අලංකාරවත් කඳුතරණයක් අත්විදීමට මෙම පුරාණ විහාරය වන්දනාමාන කරන ඔබට හැකියාව ලැබේ.විශාල වැල් ගොමු අතරින් බුදු සිරිතේ එන ජාතක කතා මූර්තිමය ස්වරූපයෙන් නිර්මාණය කර තවත් අලංකාරයක් එකතු කොට තිබේ.පරිසරය සුරකිමින් නිදහසේ පුදබිම තුල හුස්ම ගමින් සාමකාමී පරිසරයකට යොමුවී භාවනා කටයුතු කිරීමට සුදුසු පරිසරයක් මෙහි පවතිනවා.අපේ රටේ සොබාදහම සුරැකිව ගොඩනැගෙන නිර්මාණයන් බොහොම අල්පයි.මෙයත් එවැනි පුදබිමක්.නොවරදවාම වරක් ඇවිත් යන්න.  "අපි , අපගේ උරුමයන් රැකගත යුතුය"  රචනය : උදාර ජයසංඛ ©️ Like Us On Facebook : https://www.facebook.com/Se...

Trip to Ella, Badulla | ඇල්ල බදුල්ල සවාරිය

ඇල්ල කියන්නෙ ශ්‍රී ලංකාවේ ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කය තුල පිහිටි අලංකාර කුඩා නගරයක්. ආසන්න වශයෙන් කොළඹ සිට කිලෝමීටර 200ක් පමණ නැගෙනහිරින් පිහිටා ඇති අතර මුහුදු මට්ටමේ සිට මීටර 1041ක් පමණ වේ. 'ඇල්ල' කිව්වාම ලංකාවෙ අපිටත් වඩා හොඳට දන්නෙ විදේශිකයො තමයි. ඒ තරම් විදේශිකයෝ සංඛ්‍යාවක් දවසකට මේ ස්ථාන බලන්න එනව. ඇල්ලේ යද්දී කෝච්චියේ යනවනම් මාරම ලස්සන විව්  එකක් බලාගන්න පුළුවන්. ඒ වගේම ඇල්ල අවට බලන්නත් ලස්සන තැන් ගොඩක්ම තියෙනව. අපි නම් ඉස්සෙල්ලම ගියේ හපුතලේ. ඊටපස්සේ ලිප්ටන් ශීට් ගිහින්, ඇඩිශම් බංගලාව. ඊලග දවසෙ ගියේ පුංචි සිරිපාදෙයි, ඇල්ල රොක් එකයි. ඊටපස්සේ දවසෙ ඇල්ලේ ඉදන් දෙමෝදරට රේල් හයික්  එකක් යනගමන් ආරුක්කු නවයේ පාලමත් බලල ආවෙ. දෙමෝදර railway loop එක ගොඩක් අය මිස් කරන තැනක්. ඒ, එකම කන්දේ දුම්රිය රවුමක් ගිහින් එන ලංකාවේ එකම ස්ථානය. ම්ම්.. තව බලන්න නම් තැන් තියෙනව. දෝව පන්සල, රාවණා ඇල්ල, බෝගොඩ පාලම, රාවණා ගුහාව වගේ ගොඩක් තැන් තියෙනව බලන්න නම්. ලිප්ටන් ශීට්: ලංකාවේ පළාත් පහක් එකම තැනක ඉදන් බලන්නට පුඵවන් එකම ස්ථානය බදුල්ල දිස්ත්‍රික්කයේ විතරක් නොවෙයි ලෝකයේ  සුන්දරම තැන් වලි...