Skip to main content

Baththalangunduwa | බත්තලන්ගුණ්ඩුව

2018-03-24 සිකුරාදා රෑ 11:30ට කොටුවෙන් යන්න බස් එකක්වත් දන්නැතිව කොන්දෙක්ගෙන් අහල නැග්ගෙ, යන්න බත්තලන්ගුණ්ඩුවට.. කොළඹ -වවුනියාවෙ කොටුවෙන් නැග්ගෙ මායි, උදාරයි. ජා-ඇලින් ගත්ත ඉෂාරයි, තිලයි, ගිහාන් අයියයි.

පැය දෙකයි හතලිස් පහෙන් මාලවිය හන්දියේ. හුටා ! මාලවියෙන් කල්පිටියට පලවෙනි බස් එක උදේ 5ට. ගියා පයින් කිලෝමීටර් 3ක් විතර, ඉන්න බෑ පට්ට අමාරුයි, ඇල උනා පාර ගැට්ටෙන්. බල්ලෙක් ඇහැරවනකන් දන්නෙත් නෑ, පැය දෙකක් එතන. ආයෙත් නැගිටලා තව කිලෝමීටර් 3ක් විතර පයින් යද්දී ආවේ බස් එක. ඒකෙන් කෙලින්ම කල්පිටියට උදේ 8යි 10 වෙද්දී.. එතනින් කන බොන බඩු අරන්, නැග්ග බෝට්ටුවට 08යි 30ට. ඒකෙ ඉතින් නැලවි නැලවි පැය තුනහමාරක්ම බත්තලන්ගුන්ඩුවට..

එතනින් ගියාම,,, වෙලාවට ඒ මිනිස්සුන්ට පිං සිද්ද වෙන්න දවල්ට දානයක්. ඒකත් කාල කට්ටිය නාගෙන කුඩාරම ගහන්න ප්ලේස් එකක් හොයන්න කියල වැල්ල පැත්තට යද්දී එකෙක් ඩවුන්.  😂 කාලෙකින් මරණ බිය දැනුන, ඒත් ඉස්කෝලෙ ඇසෙම්බ්ලියේ කෙල්ලො(කොල්ලො) ඇදන් වැටෙන හැටි මතක් වෙලා කොල්ල ගොඩ දාගත්ත යාන්තම්. ඒකටත්  පිං ගමේ උන්ට. ඔහොම ගිහිල්ල ගිහිල්ල ගමේ අය හොල්මන් ඉන්නව කිව්ව ප්ලේස් එකේම ගැහුව උදාරයාගේ අලුත්ම කුඩාරම. දෙපැත්තේම වැල්ල, මූද. පට්ට.! කට්ටිය ඔක්කොම හවස් වෙනකල්ම නාල, කකුලුවන්ගෙන් පොඩි ආතල් එකකුත් ගත්ත. පට්ටම නිදහසක් එතන. දවල් වෙලාවේ වැල්ලේ වලක් හාරාගෙන නිදාගන්න එක මාරම ආතල් එකක්. කන්න ඌනෙම නෑ..

 එන්න එන්න හවස් වෙනෝ, ඇත්තටම පාරාදීසයක ලස්සන හැන්දෑවක් ගෙවිලා ගියා නොදනීම. මුළු ලංකාවේම මදුරුවෝ එදා අපි එක්ක. වටේම තියෙන වේලිච්ච දර කෝටුයි, වේලිච්ච කොළ රොඩුයි  එකතු කරලා ගැහුවා ගිනි මැලේ.. පස්සේ ඒක  වටේ වාඩිවෙලා ඔක්කොම ඔපදූප ටික කියවල, සින්දු ටිකකුත් කිව්වා නින්ද එනකන්. කොහොම හරි රෑ  මැදක් වෙනකන් දන්නෙත් නෑ. ඊටපස්සේ ඔක්කොම වැටුන නින්දට, එක කුඩාරමයි-පස් දෙනයි. ඔහොම ගිහින් පාන්දර ඔක්කොම එකපාර අවදි උනේ හුළගට කුඩාරම කඩාගෙන යන්න වගේ ඇවිල්ල. ඉක්මනට නැගිටලා ඔක්කොම පැක් කරා හීතලේම. එවේලේත් මරණ බිය!

එහෙම්ම කරුවලේම ආවේ  ලෝකේ ඇත්තම මාළුපාන් තියෙන, 1980 පටන් ගෙන තියෙන, දුපතේ එකම බේකරියට. රෝස් පාන් මාළුපාන් කෑව ඇතිවෙන්න. තේ එකකුත් එහෙම්ම හදාගෙනම බිව්ව. ඊටපස්සේ තමයි දුපතට ඉර පැයුවේ. මුදේ යන බෝට්ටු ටික මුදේ, පට්ට ලස්සනයි. ඒ  සීන් එක නම් පයිරෙට්ස් ඔෆ් ද කැරිබියන්ම තමයි මතක් කරේ. ඊටපස්සේ, ගත්ත ගෙදර ගෙනියන්න කරවල ටිකක්. එක දවසට අදුනාගත්ත මිනිස්සු ටික නම් මාරයි. සමුදුන්නා ඒ හිත හොද මිනිස්සුන්ට.

හුටා යන්න එකක් නෑ ලු!  අද ඉරිදා බෝට්ටුව එන්නේ නෑලු. යන්න වෙන්නේ පොඩි බෝට්ටුවක රු.10000ක් දීලලු. ඔක්කොම සල්ලි එකතු කරත් 10ක් හදාගන්න නෑ අපි ලග. වෙලාවට දවසෙන් ෆිට් වෙච්ච එල  කොල්ලෝ ටික නිසා අඩුම ගානකට එක්කන් යන්න එකක් සෙට් කරා, නැත්නම් තාම එහෙ. ගොඩක් පින්, අනිත් උන්ගෙන් බැනුම් අහගෙනම අපිව අඩුම ගානකට කල්පිටියට ගෙනත් දැම්මට. ඉදල හිටලා තාම කතා කරනව උන්.

ම්ම්..ම්ම්.... ඔන්න ඔහොම තමයි උනේ. කියන්න තින්නේ මෙච්චරයි. යනවනම් වතුර අරන් පලයල්ලා. කන්න නම් ඕනම නෑ, එහෙ තියෙනව.

ගියාට කමක් නෑ ලස්සන බලල, ලස්සනටම තියල එන්න ඒ මිනිස්සු හම්බ කරන කන්නේ ඒ දුපතෙන්!
සුබගමන්!

ගියේ : සහන් උදය(මී), ඉෂාර මදුශංක(ඉශාරය), උදාර ජයශංක(ක්‍රේසි), තිලංක දිල්ශාන්(තිලා), ගිහාන් ගුණතිලක(මිස්ට ගිහාන්)
කවද්ද : 2018/03/24
කොහොමද: බස් එකේ, පයින්, බෝට්ටුවේ.

-ජූලා
2018/03/24

Like Us On Facebook : https://www.facebook.com/SerendibSri/
Subscribe Us On Youtube : https://www.youtube.com/channel/UCRA2yAfcoO7_8ySX-d_jaNg/


























Comments

Popular posts from this blog

Riverston | රිවස්ටන්

රිවස්ටන් කියන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ දුම්බර වන රක්ෂිතයට මායිම්ව ඇති සුන්දරතම ස්ථානයක්. රිවස්ටන් කඳු මුදුනේ සන්නිවේදන කුළුණක් ඇති අතර එයට පිවිසෙන මාර්ගයේ පා ගමනින් යාමට අවසර ලබාදී තිබෙනවා. උඩටගියාම දකින්න ලැබෙන දර්ශනය නම් අමතක නොවෙන එකක් කියන්න පුළුවන්. වටෙන් ම නකල්ස් කඳු වැටියෙන් ද ඈත පෙන පතන සහ ඈත ගම්මාන වලද දර්ශනය හැමදාම දකින්න පුළුවන් කමක්නම් නෑ. මොකද ගොඩක් වෙලාවට කන්ද වටේට මීදුමෙන් වැහිලයි තියෙන්නේ. මෙම ගමනේදී දුම්බර මිටියාවතම දැකගත හැකි මනස්කාන්ත නැරබුම් ස්ථානයක් අපට හමුවන අතර එය වේගයෙන් සුලන් හමන සුලන් කපොල්ලක් වැනි ස්ථානයක්. දුම්බර වන රක්ෂිතයේ සුන්දරත්වය පහසුවෙන්ම නැරඹීමට හැකි ස්ථානයක් ලෙස රිවස්ටන් නම් කරන්න පුළුවන්. ඊට අමතරව මෙම මනස්කාන්ත ප්‍රදේශයේ සැඟවුණු සුන්දර දිය ඇලි කිහිපයක්ම පිහිටා තිබෙනවා. ඒ  දෙකක් තමයි සේර ඇල්ල, බබරකිරි ඇල්ල. තව පුංචි ලෝකාන්තයකුත් තියෙනව. පිටවල පතනත් අහුවෙනව මේ ගමනේදී. පිටවල පතන පිහිටලා තියෙනේ රත්තොට පැත්තේ ඉදන් ආවොත් නම් රිවස්ටන් පසු කරලා ඉදිරියට යන්න ඕනේ. හෙට්ටිපොල පල්ලේගම පැත්තෙන් ආවොත්නම් පිටවල පතනට රිවස්ටන් වලට කලින්ලගා වෙන්න පුළුවන්. තව මේ ...

Ranawana Purana Wiharaya | රණවන පුරාණ විහාරය

ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලාව ප්‍රදේශයේ පිහිටා ඇති පුරාණ බෞද්ධ විහාරයක් සේ සැළකේ. එය මහනුවර-කොළඹ මාර්ගයේ පිළිමතලාව නානුඔය පාලම අසල සිට ඇතුල් දෙසට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ උසම සක්මන් බුද්ධ ප්‍රථිමාව මෙම විහාරස්ථානයේදී දැකගත හැකිවේ.රණවන විහාරයේ ඉතිහාසය ගම්පොල යුගයේ සිව්වන බුවනෙකබාහු රජ සමය දක්වා දිවයන බැව් විශ්වාස කෙරේ. 1982 වර්ෂයේ විහාරයේ දාගැබෙහි සිදුකරන ලද ප්‍රතිසංස්කරණ කටයුතු වලදී ලෝහමය කරඩුවක් සොයා ගෙන තිබේ. මීට අමතරව ඉතාම අලංකාරවත් කඳුතරණයක් අත්විදීමට මෙම පුරාණ විහාරය වන්දනාමාන කරන ඔබට හැකියාව ලැබේ.විශාල වැල් ගොමු අතරින් බුදු සිරිතේ එන ජාතක කතා මූර්තිමය ස්වරූපයෙන් නිර්මාණය කර තවත් අලංකාරයක් එකතු කොට තිබේ.පරිසරය සුරකිමින් නිදහසේ පුදබිම තුල හුස්ම ගමින් සාමකාමී පරිසරයකට යොමුවී භාවනා කටයුතු කිරීමට සුදුසු පරිසරයක් මෙහි පවතිනවා.අපේ රටේ සොබාදහම සුරැකිව ගොඩනැගෙන නිර්මාණයන් බොහොම අල්පයි.මෙයත් එවැනි පුදබිමක්.නොවරදවාම වරක් ඇවිත් යන්න.  "අපි , අපගේ උරුමයන් රැකගත යුතුය"  රචනය : උදාර ජයසංඛ ©️ Like Us On Facebook : https://www.facebook.com/Se...

Trip to Ella, Badulla | ඇල්ල බදුල්ල සවාරිය

ඇල්ල කියන්නෙ ශ්‍රී ලංකාවේ ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කය තුල පිහිටි අලංකාර කුඩා නගරයක්. ආසන්න වශයෙන් කොළඹ සිට කිලෝමීටර 200ක් පමණ නැගෙනහිරින් පිහිටා ඇති අතර මුහුදු මට්ටමේ සිට මීටර 1041ක් පමණ වේ. 'ඇල්ල' කිව්වාම ලංකාවෙ අපිටත් වඩා හොඳට දන්නෙ විදේශිකයො තමයි. ඒ තරම් විදේශිකයෝ සංඛ්‍යාවක් දවසකට මේ ස්ථාන බලන්න එනව. ඇල්ලේ යද්දී කෝච්චියේ යනවනම් මාරම ලස්සන විව්  එකක් බලාගන්න පුළුවන්. ඒ වගේම ඇල්ල අවට බලන්නත් ලස්සන තැන් ගොඩක්ම තියෙනව. අපි නම් ඉස්සෙල්ලම ගියේ හපුතලේ. ඊටපස්සේ ලිප්ටන් ශීට් ගිහින්, ඇඩිශම් බංගලාව. ඊලග දවසෙ ගියේ පුංචි සිරිපාදෙයි, ඇල්ල රොක් එකයි. ඊටපස්සේ දවසෙ ඇල්ලේ ඉදන් දෙමෝදරට රේල් හයික්  එකක් යනගමන් ආරුක්කු නවයේ පාලමත් බලල ආවෙ. දෙමෝදර railway loop එක ගොඩක් අය මිස් කරන තැනක්. ඒ, එකම කන්දේ දුම්රිය රවුමක් ගිහින් එන ලංකාවේ එකම ස්ථානය. ම්ම්.. තව බලන්න නම් තැන් තියෙනව. දෝව පන්සල, රාවණා ඇල්ල, බෝගොඩ පාලම, රාවණා ගුහාව වගේ ගොඩක් තැන් තියෙනව බලන්න නම්. ලිප්ටන් ශීට්: ලංකාවේ පළාත් පහක් එකම තැනක ඉදන් බලන්නට පුඵවන් එකම ස්ථානය බදුල්ල දිස්ත්‍රික්කයේ විතරක් නොවෙයි ලෝකයේ  සුන්දරම තැන් වලි...