Skip to main content

Meemure to Dandeniya | මීමුරේ මැදින් දන්දෙණියට

නුවර මහියංගන ප‍්‍රධාන මාර්ගයේ නුවර සිට මහියංගනය දෙසට කිලෝමීටර් 43 පමණ ගිය තැන්හි මුණගැසෙන හුන්නස්ගිරිය නගරය නකල්ස් කඳු වළල්ලෙහි පිටත මායිමෙහි පිහිටා ඇත. හුන්නස්ගිරිය නගරයෙන් මදක් ඔබ්බට වන්නට ප‍්‍රධාන මාර්ගයෙන් වම්පසට හැරී ගමන් කරන නකල්ස් රක්ෂිත පිවිසුම් මාර්ගයේ කිලෝමීටර් 36ක පමණ දුරකින්, නකල්ස් හා දුම්බර කඳු පන්ති මධ්‍යයේ මීමුරේ නම් පිටිසර ගම්මානය පිහිටා ඇත. දිනයේ බොහෝ වේලාවක් මීදුමෙන් බරව පවතින නිසා මෙයට දුම්බර මිටියාවත යැයි කියැවේ.

නකල්ස් රක්ෂිතයේ පිවිසුම් මාර්ගය ඔස්සේ මීමුරේ ගම්මානය තෙක් ගමන් කිරීමට පොදු බස් රථ සේවාවක් ‍නොමැති වුවත්, ගම්වැසියන්ට හුන්නස්ගිරිය නගරයට පැමිණීමට සහ ආපසු ගමන් කිරීමට දවසට දෙවරක් පමණක් ධාවනය වන වෑන් රථයක් ඇත.

මීමුරේ ගම්මානයට පැමිණෙන ඕනෑම අයෙකු ගම්මානයට පිවිසි විගස මුලින්ම නෙත ගැටෙන්නේ මීමුරේ පුරාණ මී ගසයි.මහා පතාක යෝදයෙක් සේ ගම්මානයට උතුරු දෙසින් ලකේගල පර්වතය දැකගත හැකිය.

පවුල් සියයක්‌ පමණ දිවි ගෙවන මීමුරේ වූ කලී ශ්‍රී ලංකාවේ පැරැණිතම ගම්මානයකි. උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් මෙම ගම්මානය සේම, දන්දෙණිකුඹුර, කයිකාවල, ගලමුදුන, උඩගල දෙබොක්‌ක, මහනුවර දිස්‌ත්‍රික්‌කයේ දුෂ්කරම ගම්මාන ලෙස අපට හදුනාගත හැකිය. ගම්මානය තුලට පිවිසෙන ඕනෑම කෙනෙකුට හෙල්මළු ක‍්‍රමයට වගා කෙරුණු වෙල්යාය ද, කඳු මුදුනින් ගලාවිත් මුළු ගම්මානයම සරු කරමින් පහලට ගලා බසින මී ඔයද දැකිය හැක.

මිමුරේ ගම් වැසියන් ඉතා ස්වයංපෝෂිත පිරිසක් වේ.කුඹුරු ගොවිතැන අවුරුද්දට බොහෝවිට එක කන්නයක් පමණක් සිදුකර අනෙක් කන්නයේ බෝංචිද අතුරු බෝග ලෙස කුරහන්,තල,මෙනේරි,මිරිස්.බඩඉරිගු ආදියද කිතුල්පැණි හා හකුරු නිශ්පාදනයද දැකගත හැකිය.දේශීය කුඹුරු ගොවිතැනේ සුන්දරත්වය හා අත්දැකීම ඔබට මීමුරේ සංචාරයේදී නිතැතින්ම විද ගත් හැකිය.මීට අමතරව මනා ජෛව විවිධත්වයකින් හෙබි වනාන්තරය තුල නිදහසේ සැරි සැරීමටත්, කඳවුරු තනා දින කිහිපයක් රැඳී සිටිමින් කඳු තරණය කිරීමට හා මී ඔයෙහි ත‍්‍රාසජනක ජල කී‍්‍රඩා වන්හි නිරත වීමටත්, අලූ කෑදැත්තා ඇතුලු ලංකාවට ආවේනික සත්ව විශේෂ නැරඹීමටත් එන සංචාරකයන්ට අවස්ථාව උදාවේ. විශේෂයෙන්ම ගම්මානයට ආවේණික වූ මඩු පිට්ටු / මඩු වැලිතලප වැනි ආහාර භුක්ති විදීමට හා පිරිසිදු කිතුල් රා වලින් සප්පායම් වීමටත් මීමුරේ ගම්මානය කදිම තෝතැන්නකි. මීමුරේ අවුරුද්ද පුරාම සංචාරක පරාදීසයක් වේ.

ගම්මානයෙන් ගිනිකොණ දිග බෑවුමට වන්නට ඇති දණ්දෙණිය නම් ගමේ වර්තමානයේ වසන්නේ එක් පුද්ගලයෙකු පමණි, හේ නමින් අඹගහගෙදර හීන්බණ්ඩා නමින් හැදින් වේ.අවට ගම් හත අටටම සිටිනා ප්‍රධාන සර්ප ආයුර්වේද වෙද මහතා ඔහුය.

මේ ඔහුගේ ග්‍රාමයට අපි ''යමං'' එක්ක ගිය ගමනයි..

මීමුරේ යනවනම් නිසි මග පෙන්වීමක් ඇතිව යන්නත් අමතක කරන්න එපා. තව දෙයක්, අනාගත පරපුර උදෙසා මෙය රැක ගැනීමට මතක සටහන් පමනක් රැගෙන පිය සටහන් පමණක් ඉතුරු කර එන්නත් අමතක කරන්න එපා.
විශේෂ ස්තුතිය "යමං" මයුරයටයි, රිම්මයටයි. ෆොටෝ ගැහුවෙ ''පුටේ''.එඩිට් කරේ ''බාවා''.

''යමං'' කල්පගෙන් විස්තරේ ගත්තෙ, පොඩ්ඩක් එඩිට් කරල.

-ජුලා
2017/08/19

Like Us On Facebook : https://www.facebook.com/SerendibSri/
Subscribe Us On Youtube : https://www.youtube.com/channel/UCRA2yAfcoO7_8ySX-d_jaNg/











































Comments

Popular posts from this blog

Riverston | රිවස්ටන්

රිවස්ටන් කියන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ දුම්බර වන රක්ෂිතයට මායිම්ව ඇති සුන්දරතම ස්ථානයක්. රිවස්ටන් කඳු මුදුනේ සන්නිවේදන කුළුණක් ඇති අතර එයට පිවිසෙන මාර්ගයේ පා ගමනින් යාමට අවසර ලබාදී තිබෙනවා. උඩටගියාම දකින්න ලැබෙන දර්ශනය නම් අමතක නොවෙන එකක් කියන්න පුළුවන්. වටෙන් ම නකල්ස් කඳු වැටියෙන් ද ඈත පෙන පතන සහ ඈත ගම්මාන වලද දර්ශනය හැමදාම දකින්න පුළුවන් කමක්නම් නෑ. මොකද ගොඩක් වෙලාවට කන්ද වටේට මීදුමෙන් වැහිලයි තියෙන්නේ. මෙම ගමනේදී දුම්බර මිටියාවතම දැකගත හැකි මනස්කාන්ත නැරබුම් ස්ථානයක් අපට හමුවන අතර එය වේගයෙන් සුලන් හමන සුලන් කපොල්ලක් වැනි ස්ථානයක්. දුම්බර වන රක්ෂිතයේ සුන්දරත්වය පහසුවෙන්ම නැරඹීමට හැකි ස්ථානයක් ලෙස රිවස්ටන් නම් කරන්න පුළුවන්. ඊට අමතරව මෙම මනස්කාන්ත ප්‍රදේශයේ සැඟවුණු සුන්දර දිය ඇලි කිහිපයක්ම පිහිටා තිබෙනවා. ඒ  දෙකක් තමයි සේර ඇල්ල, බබරකිරි ඇල්ල. තව පුංචි ලෝකාන්තයකුත් තියෙනව. පිටවල පතනත් අහුවෙනව මේ ගමනේදී. පිටවල පතන පිහිටලා තියෙනේ රත්තොට පැත්තේ ඉදන් ආවොත් නම් රිවස්ටන් පසු කරලා ඉදිරියට යන්න ඕනේ. හෙට්ටිපොල පල්ලේගම පැත්තෙන් ආවොත්නම් පිටවල පතනට රිවස්ටන් වලට කලින්ලගා වෙන්න පුළුවන්. තව මේ ...

Ambuluwawa | අම්බුලුවාව

ගම්පොල නගරයේ සිට හෙම්මාතගම මාර්ගය දිගේ කිලෝමීටර 5ක් පමණ යද්දී අම්බුලුවාව කඳු මුදුනට ප්‍රවේශ මාර්ගයට යන්න පුළුවන්. අක්කර 927ක පමණ භූමි භාගයක විසිර පවතින මේ කඳු ගැටය අනෙකුත් කඳුවැටි වලින් වෙන්ව හුදකලාව පවතිනවා. මුහුදු මට්ටමින් අඩි 3567ක් උස කඳු ගැටය මත පිහිටි චෛතයය නිසාවෙන් මෙය අපූර්ව ස්ථානයක් බවට පත්වී තිබෙනවා. ගම්පොල නගරයේ සිට බලන්නෙකුට පහසුවෙන් මේ චෛත්‍යය දැක ගන්න පුළුවන්. කන්ද පාමුල ඉඳන්ම පයින් යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වාගේම චෛත්‍ය පාමුල දක්වාම වාහනයක යන්නත් පුළුවන්. බොහෝමයක් දෙනා අපූර්ව අත්දැකීමක් විඳගැනීම උදෙසා මේ මුලු දුරම පයින් තරණය කරනවා. වටපිටින් හමන සිහිල් සුලඟ නිසාවෙනුත් ගහ කොලින් වැසුනු මාර්ගයේ සෙවන නිසාවෙනුත් කන්ද තරණය කරන්නා වූ අයට වැඩි මහන්සියක් දැනෙන්නේ නැහැ. නන් දෙසින් පැමිණෙන විවිධ ආගම් අදහන අය වෙනුවෙන් කතෝලික දේවස්ථානයක්, හින්දු කෝවිලක්, මුස්ලිම් පල්ලියක් සහ බෞද්ධ පන්සලක් මෙම කඳු මුදුනේ නිර්මාණය කරමින් සර්වාගමික තැනක් බවට පත් කරල තියෙනවා. කෘෂි කර්මාන්තය සනිටුහන් කිරීම සඳහා සැදුනු මෙම සෑය ගොවිජන සෑය නමින් හැඳින්වෙනවා. මාවත අවසානයේ ඇති බුදු පිළිමයත් එතැන සිට ඇති ...

Nuwara Eliya 2019 | නුවර එළිය 2019

නුවරඑළිය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මිටියාවතක පිහිටි සුන්දර නගරයකි . මුහුදු මට්ටමේ සිට මීටර් 1868 (අඩි 6128) ක් උසින් පිහිටා ඇති මෙම නගරය අයත් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයටයි. ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කන්ද පිහිටා ඇත්තේ ද මෙම නගරය ආසන්නයෙහි ය. නුවරඑළියේ ඇති තවත් විශේෂ ගණයේ අංගයක් නම් එහි දී හමුවන යුරෝපිය ඵළවළු, පළතුරු හා මල් වර්ගයි. ‍මෙම නගරයේ වැසියන් මේවා ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස, අතිරේක ආදායම් මාර්ගයක් ලෙස හෝ විනෝදාංශයක් ලෙස වැවීම සිදු කරති. මේ ‘පුංචි එංගලන්තය’ පුරාම අර්තාපල්, කැරට්, ලීක්ස් වැනි එළවළු ද රෝස, ඩේසි, ඇස්ටමේරියා වැනි මල් වර්ග ද රසවත් ස්ට්‍රෝබෙරි ද වැවූ බිම්කඩවල් පෙනෙන්නට තිබේ. ලංකාවේ මෙන්ම විදෙස් ජාතිකයන්ද වැඩිපුරම සංචාරය කරන මෙහි දැක බලාගැනීමට සංචාරක ආකර්ෂණ ස්ථාන ඉතා විශාල සංඛ්‍යාවක් ඇත. ඉන් කිහිපයක් නම්, හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ලෝකාන්තය බේකර්ස් ඇල්ල ග්‍රෙගරි වැව ලවර්ස් ලීප් ඇල්ල නුවරඑළිය තැපැල් කාර්යාලය වික්ටෝරියා උද්‍යානය  යනාදියයි. ඔබත් නුවර එලිය අසිරිය විදින්න. කිසිදු හානියක් නොකරන්න! -ජුලා 2019-04-19 Like Us On Facebook :...