Skip to main content

Posts

Showing posts from April, 2019

Nuwara Eliya 2019 | නුවර එළිය 2019

නුවරඑළිය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මිටියාවතක පිහිටි සුන්දර නගරයකි . මුහුදු මට්ටමේ සිට මීටර් 1868 (අඩි 6128) ක් උසින් පිහිටා ඇති මෙම නගරය අයත් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයටයි. ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කන්ද පිහිටා ඇත්තේ ද මෙම නගරය ආසන්නයෙහි ය. නුවරඑළියේ ඇති තවත් විශේෂ ගණයේ අංගයක් නම් එහි දී හමුවන යුරෝපිය ඵළවළු, පළතුරු හා මල් වර්ගයි. ‍මෙම නගරයේ වැසියන් මේවා ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස, අතිරේක ආදායම් මාර්ගයක් ලෙස හෝ විනෝදාංශයක් ලෙස වැවීම සිදු කරති. මේ ‘පුංචි එංගලන්තය’ පුරාම අර්තාපල්, කැරට්, ලීක්ස් වැනි එළවළු ද රෝස, ඩේසි, ඇස්ටමේරියා වැනි මල් වර්ග ද රසවත් ස්ට්‍රෝබෙරි ද වැවූ බිම්කඩවල් පෙනෙන්නට තිබේ. ලංකාවේ මෙන්ම විදෙස් ජාතිකයන්ද වැඩිපුරම සංචාරය කරන මෙහි දැක බලාගැනීමට සංචාරක ආකර්ෂණ ස්ථාන ඉතා විශාල සංඛ්‍යාවක් ඇත. ඉන් කිහිපයක් නම්, හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ලෝකාන්තය බේකර්ස් ඇල්ල ග්‍රෙගරි වැව ලවර්ස් ලීප් ඇල්ල නුවරඑළිය තැපැල් කාර්යාලය වික්ටෝරියා උද්‍යානය  යනාදියයි. ඔබත් නුවර එලිය අසිරිය විදින්න. කිසිදු හානියක් නොකරන්න! -ජුලා 2019-04-19 Like Us On Facebook :  ht

Magampura | මාගම්පුර

හරියටම අලුත් අවුරුද්ද උදා උනා විතරයි.. හදිසියේම සෙට් වෙලා අවුරුදු කන්න ගිය ගමනක් ගැන තමයි මේ කියන්න හදන්නේ. ඒ තමයි කවුරුත් දන්න මාගම්පුරයට. හතර දෙනෙක් කොළඹ ඉදන්, තව දෙන්නෙක් ගාල්ලෙන්, තව එකෙක් මාතරින්, අනිත් උන් තිස්සෙන්. උදේ පාන්දර ඉදන් වැස්සේ නාගෙන ''කැහිල්ලට ආව ආතල්ම ගමනක්'' මේ.. උදේම පීල්ලෙන් නාල, වැස්සෙන් නාල, බීච් එකෙන් නාල, ඇලෙන් නාල, වැවෙන් නාල,.. අම්මෝ ඒ නම් නාන්නම ආව ගමනක්. මුල ඉදන්ම කියන්න නම් බෑ ඒ තරම් ආතල් ගමන, ඒ නිසා ගිය ප්ලේස්  ටික කියන්නම් දැනට. කොළඹ ඉන්න ඔයත් දවස් දෙකක් දාගෙන ගිහින් එන්න, විනාශ නොකර! පොල්හේන හම්බන්තොට සෆාරි පාක් වීරවිල වැව ලුනුගම්වෙහෙර වේල්ල කතරගම කිරි වෙහෙර තිස්ස වැව තිස්ස පන්සල කිරින්ද පන්සල කිරින්ද වෙරළ යෝධ වැව යාල -ජූලා 2019-04-14 #serendib #srilanka #lk Like Us On Facebook :  https://www.facebook.com/SerendibSri/ Subscribe Us On Youtube :  https://www.youtube.com/channel/UCRA2yAfcoO7_8ySX-d_jaNg/