Skip to main content

Wangedigala | වංගෙඩිගල

මාර්තුවෙ දවසක්.. අපේ කල්ලියට අලුතෙන් සෙට් වුන සෙට් එකත් එක්ක කොළඹින් පිටත්වුන අපි කලුපහන හන්දියෙන් බහිනකොට පාන්දර පහ වගේ. හංදියෙ බුදු කුටියෙන් බුදුන් වැදලා අපි පහන් එළියෙම පිටත් උනා. නොදන්න ගමනක් කන්දට නගින්න පටන් ගන්න තැන ගැන නිෂ්චිත අදහසක් නෑ. අසිත අයියා ගම ගැන යම් අවබෝධයක් තිබුන අපේ සහෝදරයෙක්. අඩ අඳුරෙම සීත මීදුම් අතරින් අපි පරණ වැල් පාලම ළඟට ළං වුනා. අපේ පළමු නැවතුම වැල් පාලම ළඟ. තේ එකකින් බිස්කට් එකකින් සප්පායම් උන අපි ටිකක් නිදහසේ ගිමන් හැරියා. වැල් පාලම ළඟට වංගෙඩිගල පැහැඳිලිව දකින්න පුළුවන් ඇත්තටම කඳු මුදුනට ළඟාවෙන්න ඕන පාරක් ගැන අපි දැනගෙන උන්නෙ නෑ. ඇස් මට්ටමින් නිර්මාණිත මාර්ගයක් ඔස්සේ අපි සොඳුරු වනයක් තුලින් දිය පහරක් මඟ කියද්දි ඉහළට ඇඳුනා.

අපි ගියේ රැයක අසිරි විදින්න. ඕනෑම ගමනකට පෙර දැනුවත් වීම වැදගත් කරුණක්.කඳු මුදුනෙ දර නෑ මැලයකට අවශ්‍ය කරන.බීමට ජලය නෑ පිපාසය  සංසිදුවාගන්න. ඉතින් අපි දරමිටි බැදගෙන, වතුර කර තියන් ෆයිනස් කැලයක් මැදින් මුදුනට ඇදුනා. ජීවිතේ තවත් සොඳුරුතුම ගමනක්. යලිත්, පරිසරයට හිතකාමී සිත් ඇත්තන් සමග යාම ආඩම්බරයක්.

මද්දහන ළං වෙනකොට අසීරු ගමනක අවසානයක. කඳු මුදුනෙහි කුඩා තැනිතලාව අපිරිසිදු වී ගිමන් නොහැරම පිරිසිදු කටයුතු වල නිරතවුන අපි උදෑසන හිරු රැස්ට මුහුණලා කූඩාරම් ඔසවා ගතෙමු. අපි කෑම බීම බොහොමයක් අරගෙන ගියේ කුස පිරෙන්න, සීනි සම්බෝල එක්ක සැන්විච් පාන් උදේට.

පැය කිහිපයක නින්දකින් පසු සුන්දර කඳු වළල්ල වැසුන කබායක් වන් තෘණ බිමක හිතේ හැටියට නිදහසේ ඇවිද ගියා. සවස් යාමය වෙද්දී යලිත් රැස්වුන අපි රාත්‍රියට සූදානම් වුනා. හවස තේ එකක් බීලා ක්‍රැකර් එකක් කාපු ගමන් තාම අපි. ඔක්කොම හොඳ බඩගින්නෙ දැන්. රෑට පොල් රොටී. මැලයත් සූදානම් කරගත්තෙ සීතලෙන් මිදෙන්න. එත් ඉන්න බෑ රාත්‍රියේ සීතල.

මීදුම අතරින් ඈත කඳු මුදුන්හි හිරු රැස් උදේම කූඩාරමේ කවුළුව අතරින්. මැලය තාමත් පණ අදිනවා. ඒ මැලයටම තියල වතුර එකක් උණු කරල, අපි හොද කහට එකක් බිව්වා උදේම. දැන් පල්ලම් බහින්නයි සුදානම. අපි රෑ හිටි තැන හොදට සුද්ද  කරලා, මතක විතරක් අරන් අපි ආපහු පල්ලම් බැස්සා.

ඊලග දවසේ කට්ටියටම ටිකක් මහන්සියි. එත් අතෑරියේ නෑ. එහෙම්ම ගියා බඹරකන්ද දිය ඇල්ල ලගටත්. එතනින් කෑම ටිකක් ඕඩර් කරලා දිගටම ගියා ලංකා ඇල්ල බලන්න. ඒකත් හැංගිලා තියෙන තවත් ලස්සනම ප්ලේස් එකක්. ලංකා ඇල්ලේ සුන්දරත්වයත් විදගෙනම ආපහු එනගමන් නැග්ගා බඹරකන්ද මුදුනට. එතනට යන්න නම් තහනම්, ඒත් මේ ලංකාව අපේ. පරිසරේ විනාශ කරන්නේ නැති සෙට් එකක් ඉන්නවනම්, එහෙම විනාශ කරන උන්ට විරුද්දව නැගී ඉන්න සෙට් එකක් ඉන්නවනම්, මේ ලංකාවේ තහනම් කරන්න තැන් ඕන නෑ. එකෙම්ම අපේ උන්, ඒ දවස් දෙකට, පස් හය දෙනෙක්ගෙන්ම ගේම ඉල්ලුවා. මග කුණු දාන නරුමයන්ගෙන්. කොහොමහරි අපි බඹරකන්ද දිය ඇල්ල වැටෙන තැනටම නැග්ගා. හැබැයි පරෙස්සමෙන්, හිටිගමන් අපිට අපි පෙන්නේ නෑ මීදුම නිසා. තව එකක් පයිනස් කොළ නිසා කකුල ලිස්සනව හරිම පරෙස්සමෙන් යන්න ඕන. ඊටපස්සේ ආපහු පහලට ඇවිල්ල හොදට බඹරකන්ද ඇල්ලෙන් නාල , කාල එන්න පිටත් උනා කොළඹට.

මේ රට අපේ. සොඳුරු තැන් බොහොමයි. බලාහිඳිද්දි මියැදෙන. එපා එහෙම වෙන්නදෙන්න! පොලිතීන්, ප්ලාස්ටික්, වීදුරු, අනෙකුත් අපද්‍රව්‍ය සියල්ල රැගෙන එන්න. ඒවා නිසි අයුරින් බැහැර කරන්න. තව එකක් බොන්න බලාගෙන නම් මේ තැන් වල යන්න එපා. මොකද බොන්න ඕනෑතරම් තැන් තියෙනව, ඒවට යන්න.
මේ උරුමයන් රැකගැනීම අපි සැමගේ වගකීමක්!

-ජූලා, උදාර
2019-03-02
#serendib #srilanka #lk

Like Us On Facebook : https://www.facebook.com/SerendibSri/
Subscribe Us On Youtube : https://www.youtube.com/channel/UCRA2yAfcoO7_8ySX-d_jaNg/





















Comments

Popular posts from this blog

Riverston | රිවස්ටන්

රිවස්ටන් කියන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ දුම්බර වන රක්ෂිතයට මායිම්ව ඇති සුන්දරතම ස්ථානයක්. රිවස්ටන් කඳු මුදුනේ සන්නිවේදන කුළුණක් ඇති අතර එයට පිවිසෙන මාර්ගයේ පා ගමනින් යාමට අවසර ලබාදී තිබෙනවා. උඩටගියාම දකින්න ලැබෙන දර්ශනය නම් අමතක නොවෙන එකක් කියන්න පුළුවන්. වටෙන් ම නකල්ස් කඳු වැටියෙන් ද ඈත පෙන පතන සහ ඈත ගම්මාන වලද දර්ශනය හැමදාම දකින්න පුළුවන් කමක්නම් නෑ. මොකද ගොඩක් වෙලාවට කන්ද වටේට මීදුමෙන් වැහිලයි තියෙන්නේ. මෙම ගමනේදී දුම්බර මිටියාවතම දැකගත හැකි මනස්කාන්ත නැරබුම් ස්ථානයක් අපට හමුවන අතර එය වේගයෙන් සුලන් හමන සුලන් කපොල්ලක් වැනි ස්ථානයක්. දුම්බර වන රක්ෂිතයේ සුන්දරත්වය පහසුවෙන්ම නැරඹීමට හැකි ස්ථානයක් ලෙස රිවස්ටන් නම් කරන්න පුළුවන්. ඊට අමතරව මෙම මනස්කාන්ත ප්‍රදේශයේ සැඟවුණු සුන්දර දිය ඇලි කිහිපයක්ම පිහිටා තිබෙනවා. ඒ  දෙකක් තමයි සේර ඇල්ල, බබරකිරි ඇල්ල. තව පුංචි ලෝකාන්තයකුත් තියෙනව. පිටවල පතනත් අහුවෙනව මේ ගමනේදී. පිටවල පතන පිහිටලා තියෙනේ රත්තොට පැත්තේ ඉදන් ආවොත් නම් රිවස්ටන් පසු කරලා ඉදිරියට යන්න ඕනේ. හෙට්ටිපොල පල්ලේගම පැත්තෙන් ආවොත්නම් පිටවල පතනට රිවස්ටන් වලට කලින්ලගා වෙන්න පුළුවන්. තව මේ ...

Ambuluwawa | අම්බුලුවාව

ගම්පොල නගරයේ සිට හෙම්මාතගම මාර්ගය දිගේ කිලෝමීටර 5ක් පමණ යද්දී අම්බුලුවාව කඳු මුදුනට ප්‍රවේශ මාර්ගයට යන්න පුළුවන්. අක්කර 927ක පමණ භූමි භාගයක විසිර පවතින මේ කඳු ගැටය අනෙකුත් කඳුවැටි වලින් වෙන්ව හුදකලාව පවතිනවා. මුහුදු මට්ටමින් අඩි 3567ක් උස කඳු ගැටය මත පිහිටි චෛතයය නිසාවෙන් මෙය අපූර්ව ස්ථානයක් බවට පත්වී තිබෙනවා. ගම්පොල නගරයේ සිට බලන්නෙකුට පහසුවෙන් මේ චෛත්‍යය දැක ගන්න පුළුවන්. කන්ද පාමුල ඉඳන්ම පයින් යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වාගේම චෛත්‍ය පාමුල දක්වාම වාහනයක යන්නත් පුළුවන්. බොහෝමයක් දෙනා අපූර්ව අත්දැකීමක් විඳගැනීම උදෙසා මේ මුලු දුරම පයින් තරණය කරනවා. වටපිටින් හමන සිහිල් සුලඟ නිසාවෙනුත් ගහ කොලින් වැසුනු මාර්ගයේ සෙවන නිසාවෙනුත් කන්ද තරණය කරන්නා වූ අයට වැඩි මහන්සියක් දැනෙන්නේ නැහැ. නන් දෙසින් පැමිණෙන විවිධ ආගම් අදහන අය වෙනුවෙන් කතෝලික දේවස්ථානයක්, හින්දු කෝවිලක්, මුස්ලිම් පල්ලියක් සහ බෞද්ධ පන්සලක් මෙම කඳු මුදුනේ නිර්මාණය කරමින් සර්වාගමික තැනක් බවට පත් කරල තියෙනවා. කෘෂි කර්මාන්තය සනිටුහන් කිරීම සඳහා සැදුනු මෙම සෑය ගොවිජන සෑය නමින් හැඳින්වෙනවා. මාවත අවසානයේ ඇති බුදු පිළිමයත් එතැන සිට ඇති ...

Nuwara Eliya 2019 | නුවර එළිය 2019

නුවරඑළිය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මිටියාවතක පිහිටි සුන්දර නගරයකි . මුහුදු මට්ටමේ සිට මීටර් 1868 (අඩි 6128) ක් උසින් පිහිටා ඇති මෙම නගරය අයත් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයටයි. ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කන්ද පිහිටා ඇත්තේ ද මෙම නගරය ආසන්නයෙහි ය. නුවරඑළියේ ඇති තවත් විශේෂ ගණයේ අංගයක් නම් එහි දී හමුවන යුරෝපිය ඵළවළු, පළතුරු හා මල් වර්ගයි. ‍මෙම නගරයේ වැසියන් මේවා ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස, අතිරේක ආදායම් මාර්ගයක් ලෙස හෝ විනෝදාංශයක් ලෙස වැවීම සිදු කරති. මේ ‘පුංචි එංගලන්තය’ පුරාම අර්තාපල්, කැරට්, ලීක්ස් වැනි එළවළු ද රෝස, ඩේසි, ඇස්ටමේරියා වැනි මල් වර්ග ද රසවත් ස්ට්‍රෝබෙරි ද වැවූ බිම්කඩවල් පෙනෙන්නට තිබේ. ලංකාවේ මෙන්ම විදෙස් ජාතිකයන්ද වැඩිපුරම සංචාරය කරන මෙහි දැක බලාගැනීමට සංචාරක ආකර්ෂණ ස්ථාන ඉතා විශාල සංඛ්‍යාවක් ඇත. ඉන් කිහිපයක් නම්, හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ලෝකාන්තය බේකර්ස් ඇල්ල ග්‍රෙගරි වැව ලවර්ස් ලීප් ඇල්ල නුවරඑළිය තැපැල් කාර්යාලය වික්ටෝරියා උද්‍යානය  යනාදියයි. ඔබත් නුවර එලිය අසිරිය විදින්න. කිසිදු හානියක් නොකරන්න! -ජුලා 2019-04-19 Like Us On Facebook :...