Skip to main content

Posts

Showing posts from December, 2018

Ambuluwawa | අම්බුලුවාව

ගම්පොල නගරයේ සිට හෙම්මාතගම මාර්ගය දිගේ කිලෝමීටර 5ක් පමණ යද්දී අම්බුලුවාව කඳු මුදුනට ප්‍රවේශ මාර්ගයට යන්න පුළුවන්. අක්කර 927ක පමණ භූමි භාගයක විසිර පවතින මේ කඳු ගැටය අනෙකුත් කඳුවැටි වලින් වෙන්ව හුදකලාව පවතිනවා. මුහුදු මට්ටමින් අඩි 3567ක් උස කඳු ගැටය මත පිහිටි චෛතයය නිසාවෙන් මෙය අපූර්ව ස්ථානයක් බවට පත්වී තිබෙනවා. ගම්පොල නගරයේ සිට බලන්නෙකුට පහසුවෙන් මේ චෛත්‍යය දැක ගන්න පුළුවන්. කන්ද පාමුල ඉඳන්ම පයින් යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වාගේම චෛත්‍ය පාමුල දක්වාම වාහනයක යන්නත් පුළුවන්. බොහෝමයක් දෙනා අපූර්ව අත්දැකීමක් විඳගැනීම උදෙසා මේ මුලු දුරම පයින් තරණය කරනවා. වටපිටින් හමන සිහිල් සුලඟ නිසාවෙනුත් ගහ කොලින් වැසුනු මාර්ගයේ සෙවන නිසාවෙනුත් කන්ද තරණය කරන්නා වූ අයට වැඩි මහන්සියක් දැනෙන්නේ නැහැ. නන් දෙසින් පැමිණෙන විවිධ ආගම් අදහන අය වෙනුවෙන් කතෝලික දේවස්ථානයක්, හින්දු කෝවිලක්, මුස්ලිම් පල්ලියක් සහ බෞද්ධ පන්සලක් මෙම කඳු මුදුනේ නිර්මාණය කරමින් සර්වාගමික තැනක් බවට පත් කරල තියෙනවා. කෘෂි කර්මාන්තය සනිටුහන් කිරීම සඳහා සැදුනු මෙම සෑය ගොවිජන සෑය නමින් හැඳින්වෙනවා. මාවත අවසානයේ ඇති බුදු පිළිමයත් එතැන සිට ඇති

Nelligala | නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

නව පරම්පරාවේ බෞද්ධ ඉතිහාසයේ නිමවූ විශිෂ්ඨ නිර්මාණයක් තමයි නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය. ඉතා රමණීය කදු මුදුනක දහසකුත් දුක් පීඩා මැද සූර්ය සිංහ තරුණ සංවිධානයේ තරුණ පිරිසගේ සහ කල්‍යාණ මිත්‍රයන් බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඝන කැලෑවක්ව තිබූ මෙම භූමිය එලි පෙහෙලි කරන ලදී.බෞද්ධ ඉතිහාසයට නැවුම් යමක් එකතු කරමි තවත් ජාතියක අරමුණු පරදා ඔවුන් වෙර දැරූ උත්සහය සුනු විසුණු කරමින් ජයගත් පින් බිමකි.නිල් අහස් තලය සිපගනිමින් ශාක්‍ය සිංහ මහ සෑ රජු උසින් අඩි 72ක් පමණ වන අතර රුවන් වැලි සෑ රජුන්ගේ ආකෘතියට අනුකූලව නිර්මානය කර ඇති අතර මේ මහා සෑය නිර්මාණය කිරීමට ගත වුයේ වැඩ කරන දින 90ක් වැනි කෙටි කාලයක් විමද සුවිශේෂත්වයකි.ඉදිරියේදි අඩි 100ක් පමණ උසින් යුත් සම්බුද්ධ ප්‍රතිමාවක්, තථාගත ධාතූන් වහස්සේ තැන්පත් කිරීම උදෙසා ධාතු මන්දිරයක්, තවද කෙලෙස් තවන උතුවන්ට අකාලික මුණි දහම අතැඹුලක්සේ බෙදා දෙමින් ඔවුන්ට කෙලෙස් තවන විර්ය ලබා ගැනීම පිණිස වීර්ය වඩමින් භාවනා යෝගිව වැඩසිටීමට අවශ්‍ය භාවනා කුටි වලින් සමන්විත ආරණ්‍යක් මෙම පුද බිමේ ඉදිකිරීමට නියමිතව ඇත. සුවිසල් කඳු මුදුනක දහඩිය මහන්සිය වගුරවා,මහා ප්‍රාකාර බදිමින්

Ranawana Purana Wiharaya | රණවන පුරාණ විහාරය

ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලාව ප්‍රදේශයේ පිහිටා ඇති පුරාණ බෞද්ධ විහාරයක් සේ සැළකේ. එය මහනුවර-කොළඹ මාර්ගයේ පිළිමතලාව නානුඔය පාලම අසල සිට ඇතුල් දෙසට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ උසම සක්මන් බුද්ධ ප්‍රථිමාව මෙම විහාරස්ථානයේදී දැකගත හැකිවේ.රණවන විහාරයේ ඉතිහාසය ගම්පොල යුගයේ සිව්වන බුවනෙකබාහු රජ සමය දක්වා දිවයන බැව් විශ්වාස කෙරේ. 1982 වර්ෂයේ විහාරයේ දාගැබෙහි සිදුකරන ලද ප්‍රතිසංස්කරණ කටයුතු වලදී ලෝහමය කරඩුවක් සොයා ගෙන තිබේ. මීට අමතරව ඉතාම අලංකාරවත් කඳුතරණයක් අත්විදීමට මෙම පුරාණ විහාරය වන්දනාමාන කරන ඔබට හැකියාව ලැබේ.විශාල වැල් ගොමු අතරින් බුදු සිරිතේ එන ජාතක කතා මූර්තිමය ස්වරූපයෙන් නිර්මාණය කර තවත් අලංකාරයක් එකතු කොට තිබේ.පරිසරය සුරකිමින් නිදහසේ පුදබිම තුල හුස්ම ගමින් සාමකාමී පරිසරයකට යොමුවී භාවනා කටයුතු කිරීමට සුදුසු පරිසරයක් මෙහි පවතිනවා.අපේ රටේ සොබාදහම සුරැකිව ගොඩනැගෙන නිර්මාණයන් බොහොම අල්පයි.මෙයත් එවැනි පුදබිමක්.නොවරදවාම වරක් ඇවිත් යන්න.  "අපි , අපගේ උරුමයන් රැකගත යුතුය"  රචනය : උදාර ජයසංඛ ©️ Like Us On Facebook : https://www.facebook.com/Se