Skip to main content

Posts

Showing posts from March, 2019

Sri Padaya සදගලතැන්න හරහා (රාජමලේ මාර්ගය)

අතොරක් නොවු අපගේ කතා බහෙන් මැදිරිය තුලට තවත් ඝෝෂාකාරී බවක් එක් කල අතර මැදිරිය මෙන්ම හැටන් ඉස්ටේසම  පුදුමයට පත් කල සිද්ධියක් ඒ අතර විය.. බදුලු බලා දිවෙන රාත්‍රි තැපල් දුම්රිය සියල්ලට සාක්ෂි දරයි.. ඉතිරි හෝරා කිහිපය විශ්‍රාම ශාලාවක කොටු වු අතර සීතල කල්‍යාණ මිත්‍රයකු විය.. උදෑසන පිලිවෙලින් මස්කෙලියට හා නල්ලතන්නියට බස් රථ දෙකකට ගොඩවීමට සිදු විය.. පුරා හෝරා දෙකක් පමණ සීත ගගුලේ පහසට මත් වු අප කෝඩු චාරිත්‍ර ද ඉටු කර පාතරාසයද ගෙන මුල්ගම දක්වා පයින්ම පිටත් වු අතර එහිදී අප හට දැනගත හැකි වුයේ රාජමලේ හරහා දිවෙන බස් රථය මග හැරී ඇති බවකි.. කෙසේ වුවද ගැමියන් නිසාවෙන් නිවැරදි මාර්ගයේ ගමන් කල අතර බසය මග හැරී යාම වාසනාවකි යන්න දුටු නේත්‍රාකර්ශනීය දසුන් සාක්ෂි දරයි.. විටක ගිමන් නිවමින් ජායාරූප හා කෙලිකවට බස් සමගින් අප රාජමලේට පැමිනි අතර ඉනුදු නොනැවතී කැලෑව හරහා වැටුනු මාර්ගය හමුවන තෙක්ම ඇදුනාහ.. මිහි පිට දිව්‍ය ලෝකය මෙහි යැයි කෑලෑ මාර්ගයට බට වහා අප හට පසක් විය.. ඝනව වැඩුනූ ශාක කදුකර වනාන්තර පෙන්වූ අතර මේ වන තෙක් පොලිතීන් වලින් ඉදුල් නොවු බවක් වනාන්තරය ඉසුලුවේය. මෙහි විදුලි පහන් නොමැති බැවින් රා

Wangedigala | වංගෙඩිගල

මාර්තුවෙ දවසක්.. අපේ කල්ලියට අලුතෙන් සෙට් වුන සෙට් එකත් එක්ක කොළඹින් පිටත්වුන අපි කලුපහන හන්දියෙන් බහිනකොට පාන්දර පහ වගේ. හංදියෙ බුදු කුටියෙන් බුදුන් වැදලා අපි පහන් එළියෙම පිටත් උනා. නොදන්න ගමනක් කන්දට නගින්න පටන් ගන්න තැන ගැන නිෂ්චිත අදහසක් නෑ. අසිත අයියා ගම ගැන යම් අවබෝධයක් තිබුන අපේ සහෝදරයෙක්. අඩ අඳුරෙම සීත මීදුම් අතරින් අපි පරණ වැල් පාලම ළඟට ළං වුනා. අපේ පළමු නැවතුම වැල් පාලම ළඟ. තේ එකකින් බිස්කට් එකකින් සප්පායම් උන අපි ටිකක් නිදහසේ ගිමන් හැරියා. වැල් පාලම ළඟට වංගෙඩිගල පැහැඳිලිව දකින්න පුළුවන් ඇත්තටම කඳු මුදුනට ළඟාවෙන්න ඕන පාරක් ගැන අපි දැනගෙන උන්නෙ නෑ. ඇස් මට්ටමින් නිර්මාණිත මාර්ගයක් ඔස්සේ අපි සොඳුරු වනයක් තුලින් දිය පහරක් මඟ කියද්දි ඉහළට ඇඳුනා. අපි ගියේ රැයක අසිරි විදින්න. ඕනෑම ගමනකට පෙර දැනුවත් වීම වැදගත් කරුණක්.කඳු මුදුනෙ දර නෑ මැලයකට අවශ්‍ය කරන.බීමට ජලය නෑ පිපාසය  සංසිදුවාගන්න. ඉතින් අපි දරමිටි බැදගෙන, වතුර කර තියන් ෆයිනස් කැලයක් මැදින් මුදුනට ඇදුනා. ජීවිතේ තවත් සොඳුරුතුම ගමනක්. යලිත්, පරිසරයට හිතකාමී සිත් ඇත්තන් සමග යාම ආඩම්බරයක්. මද්දහන ළං වෙනකොට අසීරු ගමනක අවසානයක. කඳු