Skip to main content

Mandaram Nuwara | මන්දාරම් නුවර

කොඩිආරගල පාමුල හිමිදිරි උදෑසන තනිවුන මා සිතට නැගුනේද තෙරක් නැති ආදරයයි.ඇගේ උණුසුමටයි සිත රහසේම දිවගියේ.මා සියල්ල ඇයයි.යන්තමට නැගෙන ගිණි සිළුව ගත වටා උණුසුමෙන් දැවටෙමින් සීත මීදුම මකාදැමුවෙ හරියට තරහකරුවෙකු වගේ.පෙරදින දහවල් කාලය ලංවෙත්ම අපි මන්දාරම් නුවරට සෙන්දුවිය.
හිත පුරාම වෙනදා වගේ අපූරු දහසකුත් දේ විදුලි වේගයෙන් දුවද්දි ගල්කුලක් හිස දරා සිටින ඝන වන ලැහැබකින් වැසීගිය ඈතින් දිස්වුන දැවැන්ත කදු මුදුනෙමයි මගේ හිත නැවතුනේ.සියල්ලෝ නික්ම ගිය පසුත් තවමත් මා පාමුල රැදීසිටිනුයේ ඔහු තරණයටයි.

මන්දාරම් නුවර,සැබැවින්ම යස අපූරුවට මෙම නුවරට ගැලපෙන නම.හිරු කිරණ ගොම්මන් වළාවකින් වසාගෙන සීතල නුවර පුරා අරක්ගෙන තිබුනා.අපි අටදෙනෙකුගෙන් යුත් පලමු කණ්ඩායම පළමු දිනයේ පැමිණි විගස සුන්දර කොලපතන ඇල්ල බැහැදැකීමට ගියෙමු.කෙටිකාලයකින් ලඟාවිය හැකි මහන්සි නැති සැහැල්ලු ගමනක් එය.
මෙම නුවර ජනතාවට මෙන්ම තවත් ගම් නියම් ගම් කීපයකටම බීමට පානීය ජලය සපයනු ලබන්නේ මෙම කොලපතන ඇල්ලයි.දිය නෑමෙන් සහ දියට බැසීමෙන් වැළකිය යුතුය ඇල්ල පාමුලදී.
සිසිල් දිය දෝතකින් කුස පුරවාගමින් සොබදහමේ තවත් අසිරිමත් දිය ඇල්ලක අසිරිය දෑසින් නොඅඩුව විදගැනීමෙන් පසුව යලිත් අප ගමන් ඇරඹීය.

පළමු දින රැය ගතකිරීමට සුදුසු ස්ථාන පිහිටා තිබුනේ කීපයක් පමණි.සුපුරුදු පරිදි වල් පැල උදුරා සකසාගත් භූමිය උඩ කූඩාරම පිහිටුවාගත්තේ පසුදින හිරු නැගෙන දිශාවට මුහුණලාය.සීතල දැනටමත් දැඩිවෙමින් පවතී.සුළඟත් එක්ක මීදුම ගලාගෙන අවටම වසාගත් අපූරු ඒ නිමේශයන් හරිම සුන්දරයි.කල්තියාම රැයට සූදානම් වීම අනිවාර්ය වේ.මේ සියල්ලටත් වඩා රාත්‍රීකාලයේ කූඩැල්ලන්ගේ ගැවසීම බොහෝ ඉහළ යනවා.පිණි වැටිලා පුංචි පුංචි තණ ගස් අස්සෙන් රංචු පිටින් කූඩැල්ලන්.කූඩාරමත් පිණි වැටිලා දිය බිංදු බිංදු බේරෙනවා.නමුත් ඒ රැය ඉතාමත් සුන්දර අත්දැකීමක් ජීවිතයට.

***********

පෙර කී පරිද්දෙන් යන්තමට හිරුරැස් කදු මුදුන් සිප ගනිද්දී මීදුම කෙමෙන් කෙමෙන් පහව යන්නට විය.
වේලාව උදෑසන එකොලහට ළඟයි.මම තවමත් දැවැන්ත කඳු මුදුන දෙස බලා සිටිනවා.මඟ කියන්නෙකු නැතිව කඳු මුදුනට යාමට අපහසු කරුණක් විය.ඒවගේම මා තනිව සිටීම නිසා එම කාර්‍යට සිත යොමුනොවීය.ගමේ රුවන් අයියා මට දුන් පොරොන්දුව ඉටු කරමින් තවත් කණ්ඩායම් තුනක් සමඟින් කදුපාමුලට ළංවිය.එය මට සැබැවින්ම ඉමහත් ප්‍රීතියක් විය.මාද ඇතළුව තවත් කණ්ඩායම් තුනක් තරණයට සූදානම්ය.

දිය සීරාවන් එමට ,ඝනව වැඩුන වනයට පිවිසෙත්ම හිතට අමුතු නිදහස් බවක් දැනෙන්න විය.ඒ මගේ සුපුරුදු හැගුමක්.ඌරන් වැදුන අඩිපාරවල් එමටය.ඒ නිසාවෙන් මඟ වැරදීමට ඇති ඉඩකඩ බෙහෙවින්ම වැඩිය.කාලාන්තරයක් මුළුල්ලෙහි හිරු රැසින් මුවාවී තීබීම නිසා දැවැන්ත ගල් කුල පාසිවලින් වැසී ගොස්.උසට ඇදුන ගස් පාසි වලින් ආවරණය වෙලා.පුදුමාකාර ලස්සනයි .මේ සියල්ල තුල මා අතරමංව හමාරය.නමුත් කෙටි කාලයක් යෑමටත් මත්තෙන් අලුත් රංචුවට මුහුවුන මම ඔවුන් කී පරිද්දෙන් තනි අලියෙකු විය.ඔවුන් සියල්ලෝද සොබාදහමට ආදරය කරන ඊට ලැදියාවක් ඇති අය වේ.උරෙන් උර ගැටෙමින් මුලින්ම කදු මුදුනට යාමට උනන්දුව ඇත්තෝද මෙහි විය.එයද තවත් අභියෝගයකි අපි අතර.

ගමන පුරාවට විවිධ විසිතුරු මල් වර්ග මගේ නෙත ගැටිනි.කදුකර කැලෑ ප්‍රදේශ වලට ආවේනිකත්වයක් දැක්වූ ඒවා කිහිපයක් ඒ අතර විය.පාසි සහ විවිධ ඇල්ගි පැතිරීයාම් වනය පුරාවට විවිධ චමත්කාර දසුන් මවා තිබුනා.සොබාදහමේ සොදුරු බව මෙයයි.සුළං සමඟ වනය තුලට මීදුම ගලා ඒම ඒ සුන්දරත්වන නිරන්තරයෙන් වැඩිදියුණු කරා.දැඩි සුළං සහ අධික සීතල යන තත්වයන් හේතුකොටගෙන කදු මුදුනේ කුරු ශාක විශේෂයන් සහ තෘන විශේෂ ව්‍යාප්තව තිබෙනු දක්නට පුලුවන්.මේ සියල්ල කැටිවුන මේ සොඳුරු ඉසව්ව අද දවස වනවිට සීග්‍රයෙන් ව්‍යාපාරික පසුබිමකට හැරෙමින් පවතිනවා.

කෙසේනමුත් බහුතරයක් තරුණ පිරිස් මෙහි විශේෂයෙන් පැමිනෙන්නේ මත් පැන් පානයට,ඔවුන්ගේ සිත්තුල පරිසරයට ඇල්මක් නැත.බහුතරයක් හුදෙක් කා බී විනෝදවන පිරිසකි.ගම්මානයේ ගම්වැසියන්ද මෙහි පැමිනෙණ දෙස් විදෙස් සංචාරකයන් නිසා යම් තරමක මුදලක් උපයා ගනී.කමක් නැත නමුත් ඔවුන්ගේ සිත්තුලින් ඔවුන්ගේ මේ භූමිය රැගගැනීම ගිලිහී තිබීම කණකාටුවට කාරණයකි.අපි සැවොම කලයුත්තේ රැගෙන යන්න සියල්ල එහි නොදමා යලි රැගෙන ඒමය.එයයි විය යුතු වටිනාම දෙය.කිසිදෙනක කිලිටි නොවූ නිකෙලක් පරිසරයක් වනසාදැමීම යුක්තිසහගත නොවේ.

''අපි අපගේ උරුමයන් රැකගත යුතුය''
රචනය : උදාර ජයසංඛ ©️

#serendib #srilanka #lk

Like Us On Facebook : https://www.facebook.com/SerendibSri/
Subscribe Us On Youtube : https://www.youtube.com/channel/UCRA2yAfcoO7_8ySX-d_jaNg/

















Comments

Popular posts from this blog

Riverston | රිවස්ටන්

රිවස්ටන් කියන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ දුම්බර වන රක්ෂිතයට මායිම්ව ඇති සුන්දරතම ස්ථානයක්. රිවස්ටන් කඳු මුදුනේ සන්නිවේදන කුළුණක් ඇති අතර එයට පිවිසෙන මාර්ගයේ පා ගමනින් යාමට අවසර ලබාදී තිබෙනවා. උඩටගියාම දකින්න ලැබෙන දර්ශනය නම් අමතක නොවෙන එකක් කියන්න පුළුවන්. වටෙන් ම නකල්ස් කඳු වැටියෙන් ද ඈත පෙන පතන සහ ඈත ගම්මාන වලද දර්ශනය හැමදාම දකින්න පුළුවන් කමක්නම් නෑ. මොකද ගොඩක් වෙලාවට කන්ද වටේට මීදුමෙන් වැහිලයි තියෙන්නේ. මෙම ගමනේදී දුම්බර මිටියාවතම දැකගත හැකි මනස්කාන්ත නැරබුම් ස්ථානයක් අපට හමුවන අතර එය වේගයෙන් සුලන් හමන සුලන් කපොල්ලක් වැනි ස්ථානයක්. දුම්බර වන රක්ෂිතයේ සුන්දරත්වය පහසුවෙන්ම නැරඹීමට හැකි ස්ථානයක් ලෙස රිවස්ටන් නම් කරන්න පුළුවන්. ඊට අමතරව මෙම මනස්කාන්ත ප්‍රදේශයේ සැඟවුණු සුන්දර දිය ඇලි කිහිපයක්ම පිහිටා තිබෙනවා. ඒ  දෙකක් තමයි සේර ඇල්ල, බබරකිරි ඇල්ල. තව පුංචි ලෝකාන්තයකුත් තියෙනව. පිටවල පතනත් අහුවෙනව මේ ගමනේදී. පිටවල පතන පිහිටලා තියෙනේ රත්තොට පැත්තේ ඉදන් ආවොත් නම් රිවස්ටන් පසු කරලා ඉදිරියට යන්න ඕනේ. හෙට්ටිපොල පල්ලේගම පැත්තෙන් ආවොත්නම් පිටවල පතනට රිවස්ටන් වලට කලින්ලගා වෙන්න පුළුවන්. තව මේ ...

Ambuluwawa | අම්බුලුවාව

ගම්පොල නගරයේ සිට හෙම්මාතගම මාර්ගය දිගේ කිලෝමීටර 5ක් පමණ යද්දී අම්බුලුවාව කඳු මුදුනට ප්‍රවේශ මාර්ගයට යන්න පුළුවන්. අක්කර 927ක පමණ භූමි භාගයක විසිර පවතින මේ කඳු ගැටය අනෙකුත් කඳුවැටි වලින් වෙන්ව හුදකලාව පවතිනවා. මුහුදු මට්ටමින් අඩි 3567ක් උස කඳු ගැටය මත පිහිටි චෛතයය නිසාවෙන් මෙය අපූර්ව ස්ථානයක් බවට පත්වී තිබෙනවා. ගම්පොල නගරයේ සිට බලන්නෙකුට පහසුවෙන් මේ චෛත්‍යය දැක ගන්න පුළුවන්. කන්ද පාමුල ඉඳන්ම පයින් යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වාගේම චෛත්‍ය පාමුල දක්වාම වාහනයක යන්නත් පුළුවන්. බොහෝමයක් දෙනා අපූර්ව අත්දැකීමක් විඳගැනීම උදෙසා මේ මුලු දුරම පයින් තරණය කරනවා. වටපිටින් හමන සිහිල් සුලඟ නිසාවෙනුත් ගහ කොලින් වැසුනු මාර්ගයේ සෙවන නිසාවෙනුත් කන්ද තරණය කරන්නා වූ අයට වැඩි මහන්සියක් දැනෙන්නේ නැහැ. නන් දෙසින් පැමිණෙන විවිධ ආගම් අදහන අය වෙනුවෙන් කතෝලික දේවස්ථානයක්, හින්දු කෝවිලක්, මුස්ලිම් පල්ලියක් සහ බෞද්ධ පන්සලක් මෙම කඳු මුදුනේ නිර්මාණය කරමින් සර්වාගමික තැනක් බවට පත් කරල තියෙනවා. කෘෂි කර්මාන්තය සනිටුහන් කිරීම සඳහා සැදුනු මෙම සෑය ගොවිජන සෑය නමින් හැඳින්වෙනවා. මාවත අවසානයේ ඇති බුදු පිළිමයත් එතැන සිට ඇති ...

Nuwara Eliya 2019 | නුවර එළිය 2019

නුවරඑළිය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මිටියාවතක පිහිටි සුන්දර නගරයකි . මුහුදු මට්ටමේ සිට මීටර් 1868 (අඩි 6128) ක් උසින් පිහිටා ඇති මෙම නගරය අයත් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයටයි. ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කන්ද පිහිටා ඇත්තේ ද මෙම නගරය ආසන්නයෙහි ය. නුවරඑළියේ ඇති තවත් විශේෂ ගණයේ අංගයක් නම් එහි දී හමුවන යුරෝපිය ඵළවළු, පළතුරු හා මල් වර්ගයි. ‍මෙම නගරයේ වැසියන් මේවා ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස, අතිරේක ආදායම් මාර්ගයක් ලෙස හෝ විනෝදාංශයක් ලෙස වැවීම සිදු කරති. මේ ‘පුංචි එංගලන්තය’ පුරාම අර්තාපල්, කැරට්, ලීක්ස් වැනි එළවළු ද රෝස, ඩේසි, ඇස්ටමේරියා වැනි මල් වර්ග ද රසවත් ස්ට්‍රෝබෙරි ද වැවූ බිම්කඩවල් පෙනෙන්නට තිබේ. ලංකාවේ මෙන්ම විදෙස් ජාතිකයන්ද වැඩිපුරම සංචාරය කරන මෙහි දැක බලාගැනීමට සංචාරක ආකර්ෂණ ස්ථාන ඉතා විශාල සංඛ්‍යාවක් ඇත. ඉන් කිහිපයක් නම්, හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ලෝකාන්තය බේකර්ස් ඇල්ල ග්‍රෙගරි වැව ලවර්ස් ලීප් ඇල්ල නුවරඑළිය තැපැල් කාර්යාලය වික්ටෝරියා උද්‍යානය  යනාදියයි. ඔබත් නුවර එලිය අසිරිය විදින්න. කිසිදු හානියක් නොකරන්න! -ජුලා 2019-04-19 Like Us On Facebook :...