Skip to main content

Posts

Showing posts from February, 2019

Mandaram Nuwara | මන්දාරම් නුවර

කොඩිආරගල පාමුල හිමිදිරි උදෑසන තනිවුන මා සිතට නැගුනේද තෙරක් නැති ආදරයයි.ඇගේ උණුසුමටයි සිත රහසේම දිවගියේ.මා සියල්ල ඇයයි.යන්තමට නැගෙන ගිණි සිළුව ගත වටා උණුසුමෙන් දැවටෙමින් සීත මීදුම මකාදැමුවෙ හරියට තරහකරුවෙකු වගේ.පෙරදින දහවල් කාලය ලංවෙත්ම අපි මන්දාරම් නුවරට සෙන්දුවිය. හිත පුරාම වෙනදා වගේ අපූරු දහසකුත් දේ විදුලි වේගයෙන් දුවද්දි ගල්කුලක් හිස දරා සිටින ඝන වන ලැහැබකින් වැසීගිය ඈතින් දිස්වුන දැවැන්ත කදු මුදුනෙමයි මගේ හිත නැවතුනේ.සියල්ලෝ නික්ම ගිය පසුත් තවමත් මා පාමුල රැදීසිටිනුයේ ඔහු තරණයටයි. මන්දාරම් නුවර,සැබැවින්ම යස අපූරුවට මෙම නුවරට ගැලපෙන නම.හිරු කිරණ ගොම්මන් වළාවකින් වසාගෙන සීතල නුවර පුරා අරක්ගෙන තිබුනා.අපි අටදෙනෙකුගෙන් යුත් පලමු කණ්ඩායම පළමු දිනයේ පැමිණි විගස සුන්දර කොලපතන ඇල්ල බැහැදැකීමට ගියෙමු.කෙටිකාලයකින් ලඟාවිය හැකි මහන්සි නැති සැහැල්ලු ගමනක් එය. මෙම නුවර ජනතාවට මෙන්ම තවත් ගම් නියම් ගම් කීපයකටම බීමට පානීය ජලය සපයනු ලබන්නේ මෙම කොලපතන ඇල්ලයි.දිය නෑමෙන් සහ දියට බැසීමෙන් වැළකිය යුතුය ඇල්ල පාමුලදී. සිසිල් දිය දෝතකින් කුස පුරවාගමින් සොබදහමේ තවත් අසිරිමත් දිය ඇල්ලක අසිරිය දෑසින් නොඅඩු