Skip to main content

Posts

Showing posts from November, 2018

Madolduwa | මඩොල්දූව

තොටුපලට අපි ලඟාවෙනකොට හිරු මුදුනට ඔන්න මෙන්න.එදා ඔරුවෙන් ගිය ගමන අපි අද එන්ජිමක් ඇති බෝට්ටුවකින්.කාලය මැවු වෙනසක අරුමය ගෙන හැර දක්වමි. මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ මඩොල් දූව එදා කියු සුන්දරත්වයෙන්ම පවතිනවාද? සියල්ලෝ මැද මගේ සිත කුතුහලයෙන්.යකඩ පාලම යටින් බෝට්ටුවෙන් රිංගා,කලපු දිය දෙබෑ කරගෙන සොඳුරුතම පා තැබුමකට ආසාවෙන් හිත මටත් හොරාම.ශ්‍රී ලංකාවේ එකම ස්වාභාවික කලපුව.දිය පෝෂක නොමැති අහස් දිය හා උනන දියෙන් පිරී පවතින්නකි. වර්ෂ 1910 පමණ වූ කාලයේ දකුණු පළාතේ ග්‍රාමයන්හි ජීවත් වූ ගැමියන් හා ඔවුන්ගේ සිතුම් පැතුම් ජීවන අත්දැකීම් පිළිබද කල විවරණය සිහියට ආවත් එය හාත්පසින්ම වෙනස් වී ඇත. දිය දෙබෑ කරමින් බෝට්ටුව ඉදිරියට ඇදෙයි. ගොඩබිම පරිසරය අවට පොල් රුප්පාව මැදින් මාර්ටින් වික්‍රමසිංහයන් ජීවත් වූ අපූරු නිවහන ද ඈතින් දිස් වෙයි. කඩොලාන වලින් සුසැදි අපූරු පරිසරය හා තුරු වදුලු ද ඈතින් පෙනෙන කුඩා කුඩා දූපත් ද එක් කළේ චමත්කාරයකි. කරදිය පිරි කලපුවේ මාළුන් විශාල වශයෙන් සිටින අතර, පැමි‍ණෙන දෙස් විදෙස් සංචාරකයින් හට නැරැඹීම පිණිස මාළුන් සිටින ප්‍රදේශයක් වෙන් කොට ඇත. එය නැරඹිය යුත්තේ මුදල් ගෙවීමෙන් අනතුරුවය.