Skip to main content

Posts

Showing posts from July, 2018

Trail to Pahanthudawa | ඔහියේ සිට පහන්තුඩාවට

කොළඹ සිට කි.මී. 160 ක් පමණ දුරින් පිහිටා ඇති, බෙලිහුල්ඔය කියන්නේ මතක් වෙනකොටත් පුදුම තරම් සුන්දරත්වයක් දැනෙන ශ්‍රී ලංකාවේ කදුකරයේ කුඩා ගම්මානයක්. නිවාඩු සඳහා සුපිරි ම ස්ථානයක් වන අතර ස්වභාව ධර්මය නිරීක්ෂණය කිරීම සඳහා විශිෂ්ට ස්ථානයක්. මෙම ප්‍රදේශයේ බඹරකන්ද, බ්රැම්ටන්, දියමුල, දුහුවිලි, ගලගම, පපුලගල, රාවණ, සුරතලී සහ වලව් ගඟ ඇතුලුව ශ්රී ලංකාවේ වඩාත් සුන්දර දිය ඇලි කිහිපයක් ද පිහිටා තිබේ. අපි නම් මේ ගමන ගියේ අනිත් පැත්තෙන්. ඒ කිව්වේ අපි කොළඹ ඉදන් බදුලු කෝච්චියේ ගිහින් ඔහියෙන් බැහැල එතන ඉදන් පයින් දවස් තුනක් කිලෝ මීටර 37ක් වගේ, යක්ෂයාගේ පඩිපෙළ හරහා තමයි බෙලිහුල් ඔයට ගියේ. පට්ටම පට්ට! කොහොමහරි අපි කෝච්චියේ ගිහින් ඔහිය දුම්රිය ස්ථානයේ බහිද්දී උදේ 6.30 වගේ වෙලා(එදා පරක්කුයි කෝච්චිය). ඊටපස්සේ එතන තියෙන කඩෙන් කෑම කාල, ඕන කරන බඩුත්, වතුර එහෙමත් අරන්, එතන ඉදපු කෙනෙක්ගෙන් යන පාර අහගෙන තමයි යන්න පටන් ගත්තෙ. ඒ පාරේ යද්දී අහුවෙනවා හෝර්ටන් තැන්න කියල නම ගහපු ගලක්. එතනින් උඩ පාරේ තමයි යන්න ඕන. ඒ යද්දී තමයි  යකාගේ පඩිපෙළ,   උඩවේරිය වත්ත  අහුවෙන්නෙ. පට්ටම ලස්සන විව් එකක්. ඔහොම යනගමන් මහන්සිය නිවාගන්න