Skip to main content

Posts

Showing posts from March, 2018

Kanneliya | කන්නෙලිය

හැමදාම ගෙවන ඒකාකාරී ජීවිතයෙන් මිදිලා ගහක කොළක සුන්දරත්වය විඳින්න සතෙක් සීපාවෙක් දිහා බලාගෙන ඉන්න, පෙණ පිඬු විසුරුවන දිය ඇල්ලක මිහිර විඳින්න, තුරු ගොමු අතරින් හමා එන මදනලක නැවුම් පහස ලබන්න අපි කාටත් එක දවසෙන් ගිහින්  තැනක් තමයි කන්නෙලිය. ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති කන්නෙලිය වන රක්ෂිතය, ජීව විද්‍යාත්මකව විවිධ වූ ප්‍රදේශයක් ලෙස සැලකේ. ලෝක උරුම වැසි වනාන්තර “සිංහරාජය” හා සසඳන විට කන්නෙලියෙහි ජෛව විවිධත්වය පොහොසත් යැයි සැලකේ. පහතරට නිවර්තන වර්ෂා වනාන්තර ගණයට අයත්වන කන්නෙලිය රක්ෂිත වනාන්තරය කන්නෙලිය - දෙදියගල- නාකියාදෙනිය සංකීර්ණයට ( KDN complex) අයත් ප්‍රධානතම වනාන්තරය යි. කන්නෙලිය වනාන්තරයේ වාර්ෂික වර්ෂාපතනය මි.මි 4445ක් වන අතර වැඩිම වර්ෂාපතනයක් මැයි මාසය මැද භාගයේ සිට සැප්තැම්බර් මස අවසානය දක්වා පවතින නිරිතදිග මෝසම මගින් ලැබෙනව. එක් කුඩා ප්‍රදේශයක හමුවන වැඩිම ජෛව විවිධත්වය වාර්තා වන්නේ ද කන්නෙලිය රක්ෂිතයෙන්. මේ නිසා කන්නෙලිය ජෛව විද්‍යාත්මක උණුසුම් කලාප හෙවත් Bio Diversity Hot Spot ලෙසද සලකනව. කන්නෙලිය රක්ෂිතය නැරඹීමට යන සංචාරකයෙකුට දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන මගපෙන්වන්නෙකු සහ ඇත

Baththalangunduwa | බත්තලන්ගුණ්ඩුව

2018-03-24 සිකුරාදා රෑ 11:30ට කොටුවෙන් යන්න බස් එකක්වත් දන්නැතිව කොන්දෙක්ගෙන් අහල නැග්ගෙ, යන්න බත්තලන්ගුණ්ඩුවට.. කොළඹ -වවුනියාවෙ කොටුවෙන් නැග්ගෙ මායි, උදාරයි. ජා-ඇලින් ගත්ත ඉෂාරයි, තිලයි, ගිහාන් අයියයි. පැය දෙකයි හතලිස් පහෙන් මාලවිය හන්දියේ. හුටා ! මාලවියෙන් කල්පිටියට පලවෙනි බස් එක උදේ 5ට. ගියා පයින් කිලෝමීටර් 3ක් විතර, ඉන්න බෑ පට්ට අමාරුයි, ඇල උනා පාර ගැට්ටෙන්. බල්ලෙක් ඇහැරවනකන් දන්නෙත් නෑ, පැය දෙකක් එතන. ආයෙත් නැගිටලා තව කිලෝමීටර් 3ක් විතර පයින් යද්දී ආවේ බස් එක. ඒකෙන් කෙලින්ම කල්පිටියට උදේ 8යි 10 වෙද්දී.. එතනින් කන බොන බඩු අරන්, නැග්ග බෝට්ටුවට 08යි 30ට. ඒකෙ ඉතින් නැලවි නැලවි පැය තුනහමාරක්ම බත්තලන්ගුන්ඩුවට.. එතනින් ගියාම,,, වෙලාවට ඒ මිනිස්සුන්ට පිං සිද්ද වෙන්න දවල්ට දානයක්. ඒකත් කාල කට්ටිය නාගෙන කුඩාරම ගහන්න ප්ලේස් එකක් හොයන්න කියල වැල්ල පැත්තට යද්දී එකෙක් ඩවුන්.  😂 කාලෙකින් මරණ බිය දැනුන, ඒත් ඉස්කෝලෙ ඇසෙම්බ්ලියේ කෙල්ලො(කොල්ලො) ඇදන් වැටෙන හැටි මතක් වෙලා කොල්ල ගොඩ දාගත්ත යාන්තම්. ඒකටත්  පිං ගමේ උන්ට. ඔහොම ගිහිල්ල ගිහිල්ල ගමේ අය හොල්මන් ඉන්නව කිව්ව ප්ලේස් එකේම ගැහුව උදාරයාගේ අලුත්