Skip to main content

Posts

Showing posts from December, 2017

Yala Tour | යාල සවාරිය

යාල ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ පිහිටි දෙවන විශාලතම ජාතික උද්‍යානයයි. එය ර‍ෙට් ගිනිකොන වියලි කලාපයේ පිහිටා ඇත. උද්‍යානය කොළඹ සිට එනම් ශ්‍රී ලංකාවේ අග නගරයේ සිට කිලෝමීටර 300 පමණ දුරින් පිහිටා ඇත. යාල ශ්‍රී ලංකාවේ ඌව සහ දකුණු නම් වූ පළාත් දෙකකට අයත් වේ. උද්‍යානය කොටස් පහකට බෙදා ඇති අතර 1 සහ 2 වන කොටස් පමණක් අමුත්තන් සඳහා විවෘතව ඇත. යාල වනෝද්‍යානයේ වෙරළ බඩ නැගී සිටින ගල් කුලක් යාල ජාතික වනෝද්‍යානයශ්‍රී ලංකාවේ නිරිත දිගට වන්නට විශාල භූමි ප‍්‍රමාණයක පැතිර ඇති ප‍්‍රධානම ජාතික වනෝද්‍යානයකි.ඌව හා දකුණු පළාත් දෙකටම අයත් වන මෙම රක්‍ෂිතය වර්ග ප‍්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 979 ක් වුවද මහජනයාට විවෘතව ඇත්තේ වර්ග කිලෝමීටර 141 ක භූමි භාගයකි. රක්‍ෂිතයෙන් වැඩිප‍්‍රමාණයක් පතන් බිම් වශයෙන් පවතිනමුත් මෙය වනභූමි වෙරලාශ‍්‍රිත ප‍්‍රදේශ, දිය උල්පත්, ගංඟා සහ ලඳු බිම් වලින් ආදි විවිධ පරිසර තත්ත්වයන්ගෙන් ගහණ වූ වනෝද්‍යානයකි. මෙම ලඳු බිම් තැන තැන විසිර පවතින පාෂාණමය ශේෂ කඳු වලින් ගහණය. වනෝද්‍යානය විශාල සත්ව විශේෂ ප‍්‍රමාණයකට වාස භූමිය සපයයි. - ජූලා 2017/12/31 Like Us On Facebook : https://www.facebook.com/

Algama Falls | අල්ගම ඇල්ල

සබරගමුව පළාතේ අල්ගම නගරයට යාබදව පිහිටා ඇති තවත් එක් සුන්දර දියඇල්ලකි "අල්ගම ඇල්ල". කොළඹ සිට අල්ගම ඇල්ල වෙත පැමිණෙන අයට නිට්ටඹුව නගරයට පැමිණ, අල්ගම බස් රථයකින් පහසුවෙන් අල්ගම නගරයට ළඟා විය හැකි ය. එතැන් සිට අල්ගම උඩුවක මාර්ගයේ 500 m පමණ ගමන් කොට අල්ගම ඇල්ල වෙත දිවෙන පටු මාවත වෙත ළඟා විය හැක. වසරේ ජනවාරි සහ පෙබරවාරි අතර කාලයේ ඇල්ලේ ඇත්තේ අඩු ජල ප්‍රමාණයකි. එබැවින් දියනෑම සඳහා එම කාලය වඩාත් සුදුසුය. වර්ෂා කාලයේ දී අල්ලේ ජල මට්ටම සැලකියයුතු ලෙස ඉහල යන බැවින්, දිය නෑමේදී ප්‍රවේසම් විය යුතුය. දියඇල්ල ඉහළට වන්නට ඇත්තේ ගල් සහිත ප්‍රදේශයකි. එබැවින් පිහිනීම සඳහා සුදුසු නැත. පිහිනීම සඳහා ඇල්ල පහළ ප්‍රදේශය තෝරා ගන්න. මතක තබා ගත යුතු වැදගත්ම දෙය නම් කිසිවිටක ඇල්ල අසළ ට දියනෑම සඳහා නොයාමය. එම ප්‍රදේශයෙහි ජලය ගැඹුරින් වැඩි වේ. තවත්  දෙයක් නම් ඔබගේ ආරක්ෂාව සලසා ගන්නවා සේම එම ස්ථානද ආරක්ෂා කරගැනීමට වග බලාගන්න . Location: https://goo.gl/maps/bBT942sutVQFSMnq7 - ජූලා 2017/12/10 Like Us On Facebook : https://www.facebook.com/SerendibSri/ Subscribe Us On Youtube : https://www.youtube.co