Skip to main content

Posts

Showing posts from August, 2017

Meemure to Dandeniya | මීමුරේ මැදින් දන්දෙණියට

නුවර මහියංගන ප‍්‍රධාන මාර්ගයේ නුවර සිට මහියංගනය දෙසට කිලෝමීටර් 43 පමණ ගිය තැන්හි මුණගැසෙන හුන්නස්ගිරිය නගරය නකල්ස් කඳු වළල්ලෙහි පිටත මායිමෙහි පිහිටා ඇත. හුන්නස්ගිරිය නගරයෙන් මදක් ඔබ්බට වන්නට ප‍්‍රධාන මාර්ගයෙන් වම්පසට හැරී ගමන් කරන නකල්ස් රක්ෂිත පිවිසුම් මාර්ගයේ කිලෝමීටර් 36ක පමණ දුරකින්, නකල්ස් හා දුම්බර කඳු පන්ති මධ්‍යයේ මීමුරේ නම් පිටිසර ගම්මානය පිහිටා ඇත. දිනයේ බොහෝ වේලාවක් මීදුමෙන් බරව පවතින නිසා මෙයට දුම්බර මිටියාවත යැයි කියැවේ. නකල්ස් රක්ෂිතයේ පිවිසුම් මාර්ගය ඔස්සේ මීමුරේ ගම්මානය තෙක් ගමන් කිරීමට පොදු බස් රථ සේවාවක් ‍නොමැති වුවත්, ගම්වැසියන්ට හුන්නස්ගිරිය නගරයට පැමිණීමට සහ ආපසු ගමන් කිරීමට දවසට දෙවරක් පමණක් ධාවනය වන වෑන් රථයක් ඇත. මීමුරේ ගම්මානයට පැමිණෙන ඕනෑම අයෙකු ගම්මානයට පිවිසි විගස මුලින්ම නෙත ගැටෙන්නේ මීමුරේ පුරාණ මී ගසයි.මහා පතාක යෝදයෙක් සේ ගම්මානයට උතුරු දෙසින් ලකේගල පර්වතය දැකගත හැකිය. පවුල් සියයක්‌ පමණ දිවි ගෙවන මීමුරේ වූ කලී ශ්‍රී ලංකාවේ පැරැණිතම ගම්මානයකි. උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් මෙම ගම්මානය සේම, දන්දෙණිකුඹුර, කයිකාවල, ගලමුදුන, උඩගල දෙබොක්‌ක, ම