Skip to main content

Posts

Showing posts from June, 2018

Trip to Ella, Badulla | ඇල්ල බදුල්ල සවාරිය

ඇල්ල කියන්නෙ ශ්‍රී ලංකාවේ ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කය තුල පිහිටි අලංකාර කුඩා නගරයක්. ආසන්න වශයෙන් කොළඹ සිට කිලෝමීටර 200ක් පමණ නැගෙනහිරින් පිහිටා ඇති අතර මුහුදු මට්ටමේ සිට මීටර 1041ක් පමණ වේ. 'ඇල්ල' කිව්වාම ලංකාවෙ අපිටත් වඩා හොඳට දන්නෙ විදේශිකයො තමයි. ඒ තරම් විදේශිකයෝ සංඛ්‍යාවක් දවසකට මේ ස්ථාන බලන්න එනව. ඇල්ලේ යද්දී කෝච්චියේ යනවනම් මාරම ලස්සන විව්  එකක් බලාගන්න පුළුවන්. ඒ වගේම ඇල්ල අවට බලන්නත් ලස්සන තැන් ගොඩක්ම තියෙනව. අපි නම් ඉස්සෙල්ලම ගියේ හපුතලේ. ඊටපස්සේ ලිප්ටන් ශීට් ගිහින්, ඇඩිශම් බංගලාව. ඊලග දවසෙ ගියේ පුංචි සිරිපාදෙයි, ඇල්ල රොක් එකයි. ඊටපස්සේ දවසෙ ඇල්ලේ ඉදන් දෙමෝදරට රේල් හයික්  එකක් යනගමන් ආරුක්කු නවයේ පාලමත් බලල ආවෙ. දෙමෝදර railway loop එක ගොඩක් අය මිස් කරන තැනක්. ඒ, එකම කන්දේ දුම්රිය රවුමක් ගිහින් එන ලංකාවේ එකම ස්ථානය. ම්ම්.. තව බලන්න නම් තැන් තියෙනව. දෝව පන්සල, රාවණා ඇල්ල, බෝගොඩ පාලම, රාවණා ගුහාව වගේ ගොඩක් තැන් තියෙනව බලන්න නම්. ලිප්ටන් ශීට්: ලංකාවේ පළාත් පහක් එකම තැනක ඉදන් බලන්නට පුඵවන් එකම ස්ථානය බදුල්ල දිස්ත්‍රික්කයේ විතරක් නොවෙයි ලෝකයේ  සුන්දරම තැන් වලින් එකක