Skip to main content

Posts

Showing posts from April, 2017

Erathna Trail to Sri Pada | එරත්න හරහා ශ්‍රී පාදයට

මේ කියන්න යන්නේ කුරුවිට එරත්න කැලේ පාරෙන් ශ්‍රී පාදයට ගිය ගමන ගැනයි. මුලින්ම කොළඹ ඉදල රත්නපුර සමන් දෙවලෙටත් ගිහින් වැදලා ඊටපස්සේ එරත්නට ගිහින් තමයි ගමන යන්න පටන් ගත්තෙ. මේ ගමනේ දුර සාමාන්යෙන් කිලෝමීටර් 12-16ක් වගේ වෙනව. එත් ඒක දැනෙන්නේ නෑ ලස්සන පරිසරය නිසා. අපි නම් යන්න පටන් ගත්තේ හවස 3ට වගේ. එත් මහන්සියක් නම් දැනෙන්නේ නෑ වගේ. ගමන ආරම්භයේ ම සැලකිය යුතු දුරක් දක්වා තරමක් දුෂ්කර පාරක් තියෙන්නෙ. ප්‍රධාන  වශයෙන්ම කැලෙන් නිසා. ඉන්පසුව වර්ණගල කඳු මුදුනට ලඟා වීමත් සමගම දුෂ්කර කඳු තරණය තරමක් අවසන් වෙනව. ගමනේ මුල් කිලෝමීටර් 1.5 අවසන් වීමත් සමගම පළමු අම්බලම, ජම්බෝලගහ යට අම්බලම හමු වෙනව.  ඉන්පසු කිලෝමීටරයකට පසු ඩයමන්ඩ්ගල  අම්බලම හමු වෙනව. ඉන්පසු තරමක් ඉහලට ගමන් කිරීමේදී කුඩා විදුලි බලාගාරයක ටර්බයින් සහිත ස්ථානයකට ලගා වෙනව. අතිශයින්ම අනතුරුදායක ස්ථානයක් වන මෙම ස්ථානය හැකි ඉක්මනින් පසු කිරීම ඉතාමත්ම ආරාක්ශාකාරී වේ. මොකද, ඉහලට වර්ෂාව ඇති අවස්ථාවකදී නොසිතන මොහොතකදී ජලයෙන් යටවීමේ අවධානම අතිශයින්ම ඉහල ස්ථානයක් මේ. එම ස්ථානය පසුකර මීටර් 50ක්  පමණ ගමන් කලපසු සමන් දේවාලයක් හා බුදු කුටියක් හමු වෙනව. ගමනේ