Skip to main content

Posts

Showing posts from March, 2017

Anuradhapuraya | අනුරාධපුරය

අනුරාධපුරය, යනු ශ්‍රි ලංකාවේ පෞරාණික අගනුවරකි. අනුරාධපුරය පදනම් වූ ශ්‍රි ලාංකීය ශිෂ්ඨාචාරය ආසියාවේ සහ මුලු මහත් ලෝකයේම බිහිවූ විශිෂ්ඨතම ශිෂ්ඨාචාරයක් ලෙස සැලකිය හැකිය. නගරය මේ වන විට යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. කොළඹ නගරයේ සිට කිලෝමීටර් 205ක් පමණ උතුරින් උතුරු මැද පළාතේ මල්වතු ඔය අසබඩ පිහිටා ඇත. අනුරාධපුරය ශී‍්‍ර ලංකාෙවි දීර්ඝතම රජධානියයි. ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ සිට ක්‍රිස්තු වර්‍ෂ 11වන සියවස දක්වා අනුරාධපුර රාජධානියේ එනම් සිංහලේ අගනුවර වශයෙන් පැවතුනි. එම කාලය තුල දකුණු ආසියාවේ ඉතාම බලවත් සහ ස්ථාවර සහ කල්පවත්නා දේශපාලනික පාලන තන්ත්‍රයක් හා ජනජීවිතයක් පැවතුනි.  එමෙන්ම එය ඉතා පොහොසත්, අනභිබවනීය සංස්කෘතියක් සහිත ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් වී තිබුණි. වෙහෙර විහාරාරාම විශාල ප්‍රමාණයකින් වලින් වටවුනු අනුරාධපුර ‍පෞරාණික නගරය බෞද්ධ ලෝකය තුල ඉතා වැදගත් හා පූජනීය ස්ථානයක් ගනී. ලෝකයේ ප්‍රධානතම පුරා විද්‍යා ස්ථාන වලින් එකක් ලෙස අනුරාධපුර පෞරාණික නගරය හඳුන්වා දිය හැක. මෙම නගරය හින්දූන්ටද වැදගත් වන අතර රාමායණයේ සඳහන් අසුර වංශික රාවණා රජුගේ රාජධානියේ අගනුවර ලෙසද සැලකේ. ඔබත