Skip to main content

Posts

Showing posts from December, 2016

Hanthana | හන්තාන

ශ්‍රි ලංකාවේ මධ්‍යම කඳුකරයේ මහනුවර නගරයට ආසන්නයේ පිහිටා අති හන්තාන කඳුවැටිය ශ්‍රි ලංකාවේ සුන්දරම කඳුවැටියකි. මහවැලි ගඟේ අතු ගංගා නිම්න වලින් වෙන්වීඈති මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 1240 දක්ව විහිදි ඈත. මෙය මහවෑලි ගඟේ ජල පෝෂක ප්‍රදේශයකි. කඳුවැටිය හරහා ගලා බසින ගැරඬි ඔය, මහ ඔය, ගොල්ල ඔය, දොඩම් ඔය, කුඩා ඔය වැනි අතු ගංගා රෑසකට ජලය ලබා දේ. හන්තාන කඳුවැටිය මධ්‍ය කඳුකරයේ අතර මැදි තෙත් කලාපයට අයත්ය. මිලි මීටර් 2000ක්‌ පමණ වන වාර්ෂික වර්ෂාපතනය වසර පුරා නිරිත දිග හා ඊසාන දිග මෝසම් මගින් පෝශනය ලබයි. ඒ නිසා සෙල්සියස්‌ අංශක 23 ත් 25 අතර උෂ්ණත්වයක් ඈත.  මෙම කඳුවැටියට ඈතුලු වීම සදහා මර්ග හතරක් ඇත. *ශ්‍රි ලංකාගුවන් විදුලි සංස්ථා විකාශනාගාරයට පිවිසෙන මාර්ගය. *උඩවලව හන්තාන තේ වත්ත හරහා වෑටී ඈති මාර්ගය. *මහකන්ද සරසවිගම හරහා වැටී ඇති මාර්ගය. *පේරාදෙනිය හරහා වැටී ඈති ගලහ -දෙල්තොට මාර්ගයයේ දෙල්තොට නගරයෙන්ද ඈතුලුවිය හැක. උදෑසන 8.00ට පමණ සරසවිගම හරහා වැටී ඇති මාර්ගයෙන් ඇතුළු වූ අපි කි.මී. 24ක පමණ දුරක් ගමනක් නිමා කරන විට සවස 7.00 පහු වී තිබිණ. හන්තාන තරණය කරන්නේ නම් ඔබ අනිවාර්යෙන් පේරාදෙණිය සරසවියේ මිතු