Skip to main content

Posts

Showing posts from 2016

Hanthana | හන්තාන

ශ්‍රි ලංකාවේ මධ්‍යම කඳුකරයේ මහනුවර නගරයට ආසන්නයේ පිහිටා අති හන්තාන කඳුවැටිය ශ්‍රි ලංකාවේ සුන්දරම කඳුවැටියකි. මහවැලි ගඟේ අතු ගංගා නිම්න වලින් වෙන්වීඈති මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 1240 දක්ව විහිදි ඈත. මෙය මහවෑලි ගඟේ ජල පෝෂක ප්‍රදේශයකි. කඳුවැටිය හරහා ගලා බසින ගැරඬි ඔය, මහ ඔය, ගොල්ල ඔය, දොඩම් ඔය, කුඩා ඔය වැනි අතු ගංගා රෑසකට ජලය ලබා දේ. හන්තාන කඳුවැටිය මධ්‍ය කඳුකරයේ අතර මැදි තෙත් කලාපයට අයත්ය. මිලි මීටර් 2000ක්‌ පමණ වන වාර්ෂික වර්ෂාපතනය වසර පුරා නිරිත දිග හා ඊසාන දිග මෝසම් මගින් පෝශනය ලබයි. ඒ නිසා සෙල්සියස්‌ අංශක 23 ත් 25 අතර උෂ්ණත්වයක් ඈත.  මෙම කඳුවැටියට ඈතුලු වීම සදහා මර්ග හතරක් ඇත. *ශ්‍රි ලංකාගුවන් විදුලි සංස්ථා විකාශනාගාරයට පිවිසෙන මාර්ගය. *උඩවලව හන්තාන තේ වත්ත හරහා වෑටී ඈති මාර්ගය. *මහකන්ද සරසවිගම හරහා වැටී ඇති මාර්ගය. *පේරාදෙනිය හරහා වැටී ඈති ගලහ -දෙල්තොට මාර්ගයයේ දෙල්තොට නගරයෙන්ද ඈතුලුවිය හැක. උදෑසන 8.00ට පමණ සරසවිගම හරහා වැටී ඇති මාර්ගයෙන් ඇතුළු වූ අපි කි.මී. 24ක පමණ දුරක් ගමනක් නිමා කරන විට සවස 7.00 පහු වී තිබිණ. හන්තාන තරණය කරන්නේ නම් ඔබ අනිවාර්යෙන් පේරාදෙණිය සරසවියේ මිතු

Nuwara Eliya | නුවර එළිය 2016

නුවරඑළිය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මිටියාවතක පිහිටි සුන්දර නගරයකි . මුහුදු මට්ටමේ සිට මීටර් 1868 (අඩි 6128) ක් උසින් පිහිටා ඇති මෙම නගරය අයත් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයටයි. ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කන්ද පිහිටා ඇත්තේ ද මෙම නගරය ආසන්නයෙහි ය. නුවරඑළියේ ඇති තවත් විශේෂ ගණයේ අංගයක් නම් එහි දී හමුවන යුරෝපිය ඵළවළු, පළතුරු හා මල් වර්ගයි. ‍මෙම නගරයේ වැසියන් මේවා ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස, අතිරේක ආදායම් මාර්ගයක් ලෙස හෝ විනෝදාංශයක් ලෙස වැවීම සිදු කරති. මේ ‘පුංචි එංගලන්තය’ පුරාම අර්තාපල්, කැරට්, ලීක්ස් වැනි එළවළු ද රෝස, ඩේසි, ඇස්ටමේරියා වැනි මල් වර්ග ද රසවත් ස්ට්‍රෝබෙරි ද වැවූ බිම්කඩවල් පෙනෙන්නට තිබේ. ලංකාවේ මෙන්ම විදෙස් ජාතිකයන්ද වැඩිපුරම සංචාරය කරන මෙහි දැක බලාගැනීමට සංචාරක ආකර්ෂණ ස්ථාන ඉතා විශාල සංඛ්‍යාවක් ඇත. ඉන් කිහිපයක් නම්, හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ලෝකාන්තය බේකර්ස් ඇල්ල ග්‍රෙගරි වැව ලවර්ස් ලීප් ඇල්ල නුවරඑළිය තැපැල් කාර්යාලය වික්ටෝරියා උද්‍යානය යනාදියයි. ඔබත් නුවර එලිය අසිරිය විදින්න. කිසිදු හානියක් නොකරන්න! - ජුලා 2016-07-08 Like Us On Facebook : ht